Colombo Today Local News

ඊළම දකුණු පළාත දක්වා දිගුවෙයි.. කොටි සමරන්න අවසර දෙන්නැයි රජයෙන් ඉල්ලයි

කොටි සැමරීමට ඉඩදෙන ලෙස හිටපු එක්‌සත් ජාතීන්ගේ නිලධාරිනී යස්‌මින් සුකා ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා තිබේ. මියගිය පිරිස්‌ සැමරීමට ඉඩදීම ජාත්‍යන්තර හිමිකමක්‌ බව පවසන යස්‌මින් සුකා සමරන්නේ කොටින් ද යන්න ප්‍රශ්නයක්‌ නොවන බව ද දක්‌වා තිබේ.

ශ්‍රී ලංකාවට එරෙහිව දරුස්‌මාන් කමිටුවේ සාමාජිකාවක්‌ ලෙස යස්‌මින් සුකා ක්‍රියා කළාය.ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කිරීමට ද ඇය කටයුතු කර ඇත.

මේ අතර බ්‍රිතාන්‍ය රජය කොටි සංවිධානය තහනම් කර තිබියදී ලන්ඩන් පොලිසිය කොටි ඩයස්‌පෝරාවට ලන්ඩන් නුවර විරෝධතාවක්‌ පැවැත්වීමට ඉඩ දී තිබේ.මෙම විරෝධතාවයේදී කොටි ධජ රැසක්‌ ප්‍රදර්ශනය කර තිබේ.

මෙම විරෝධතාවට සහභාගි වූ ඊළාම්වාදීන් ඊළාම් රටක්‌ ස්‌ථාපිත කිරීමට ඉඩ දියයුතු බවට දැක්‌වෙන පුවරු ප්‍රදර්ශනය කරමින් ශ්‍රී ලංකා රජයට හා හමුදාවට එරෙහිව අභූත චෝදනා එල්ල කර ඇත. බ්‍රිතාන්‍යයේ කොටි හිතවාදී සංවිධාන 4 ක්‌ මෙම විරෝධතාවට සහභාගි වී තිබේ.

 

Related posts

කරන්නාගොඩ චෝදනාවලින් නිදහස් කළේ, රහස්‍ය වාර්තාවක් පදනම් කර ගෙනයි – නීතිපති

colombotoday

ETCA හතර වන වටයේ සාකච්ඡා ඇරඹේ

colombotoday

හමුදා මාධ්‍ය ප්‍රකාශකට හමුදාපතිගෙන් විශේෂ නියෝගයක්

colombotoday

ඇඳිරිනීතිය ඉවත් කලද නිවසෙන් බැහැරව යාමට අවසර ලබා දෙන හැටි

colombotoday

ජනපති රනිල් සිංගප්පූරු ජනාධිපතිනිය හමුවෙයි

Admin

මැතිවරණ කොමිසම සියලු පක්ෂ ලේකම්වරුන් කැඳවයි

colombotoday