Colombo Today Local News

කඩු පොලු රැගත් මැරයෝ කින්නියා සිවිල් ආරක්ෂක බලකා කාර්යාලයට පනී.. පුද්ගලයෙකු කපා කොටා යකා නටති

කඩු පොලු රැගත් පහළොවක පමණ පුද්ගලයන් පිරිසක්‌ සිවිල් ආරක්‍ෂක බලකායේ කන්නියා උප කලාප කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළුවී එහි මේස පුqටු පෙරළා දමා කළහකාරී ලෙස හැසිරුණු බවත් එම කාර්යාලය ඉදිරිපිටදී පුද්ගලයෙකු බරපතළ ලෙස කපා කොටා දැමු බවත් ප්‍රදේශවාසීන් පවසති.

පෙරේදා (20) සවස මෙම පිරිස ත්‍රිකුණාමලය කන්නියා ප්‍රදේශයේ පිහිටි සිවිල් ආරක්‍ෂක උප කලාප කාර්යාලයට යාබද නිවසක ජීවත්වු මවකට හා පුතෙකුට කඩු වලින් පහරදී තුවාල සිදු කර නිවස ඉදිරිපිට නවතා තිබු ත්‍රීරෝද රථයකටද හානි සිදු කර තිබේ.

කඩුපහරවලින් බේරීමට නිවෙස්‌ හිමියා අසල සිවිල් ආරක්‍ෂක කලාප කාර්යාලය දෙසට දිව ගොස්‌ ඇති අතර පසු පසින් එලවා ගෙන ගිය මෙම පිරිස එම කාර්යාලය ඉදිරිපිටදීම ඔහු කඩුවලින් කපා කොටා තිබේ. සෙසු පිරිස සිවිල් ආරක්‍ෂක කාර්යාලයේ පසුපසින් ඇතුළුවී මේස පුටු පෙරළා දමා කලහකාරී ලෙස හැසිරී තිබේ.

තුවාල ලැබූවන් ත්‍රිකුණාමලය මහ රෝහලට ඇතුළත් කර ඇති අතර බරපතළ තත්ත්වයේ පසුවන මාංකායි උත්තු පදිංචි පිල්ලෙයම්බලම් ප්‍රභාකරන් නමැති අය නුවර මහ රෝහලට මාරු කර යෑවු බව රෝහල් ආරංචිමාර්ග පවසයි.

තම නිවසට පහරදීමට මැර පිරිස පැමිණි අවස්‌ථාවේ පොලිසියට දෙවතාවක්‌ දැනුම් දුන්නද පහරදුන් පිරිස ගොස්‌ පැයකට පමණ පසුව පොලිසිය ආ බවත් පොලිසිය කලින් පැමිණියේ නම් මෙවන් සිදුවීමක්‌ නොවන බවත් මේ වනතෙක්‌ පහරදුන් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර නැති බවත් තුවාල ලැබු පුද්ගලයාගේ සොහොයුරිය වන ශිවා දර්ශණි මහත්මිය පැවැසුවාය.

මේ සිද්ධියේ ඉදිරි විමර්ශන කටයුතු ආරම්භ කිරීම සඳහා ඊයේ (21 දා) පෙරවරුවේ අපරාධ ස්‌ථාන පරීක්‍ෂණ නිලධාරීන් එම ස්‌ථානයට පැමිණ තිබිණි.

මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් උප්පුවේලි පොලිසිය පවසයි.

-සමන් මල්ලවආරච්චි

Related posts

දකුණු පළාතේ සෞඛ්‍ය සේවකයින් සංකේත වර්ජනයක

colombotoday

රිෂාඩ් බදියුදීන්ගේ නියෝජ්‍ය ඇමති ලෙස බුද්ධික පතිරණ දිවුරුම් දෙයි

colombotoday

අලුත්වැඩියා ප්‍රමාදයෙන් රජයේ රෝහල්වල විකිරණ පරීක්ෂණවලට දැඩි බාධා

Admin

අත සහ පොහොට්ටුව එක්වෙයි

Admin

ආණ්ඩුව ඩොලර් බිලියන් 14 ණය අරන්.. බෝක්කුවක්වත් හදා නෑ.. රාජගිරිය පාලමටත්, මොරගහකන්දටත් පිවිසුම මගේ ආණ්ඩුවෙන්

colombotoday

කුළු බඩු කිහිපයක් ආනයනය තහනම් කරයි.

colombotoday