Colombo Today Local News

මිය ගිය කොටි සහ දෙමළ වැසියන් මුල්ලිවයික්කාල්හිදී සැමරේ (Photo)

අවසන් යුද්ධයේදී මියගිය කොටි සාමාජිකයන් සහ දමිළ වැසියන් සිහි කිරීමේ සැමරුම් උත්සවය අද (18) මුලතිව්, මුල්ලිවයික්කාල් වෙරළ තීරයේදී පැවැත්විණි.

උතුරු පළාත් ප්‍රධාන ඇමති සී.වී. විග්නේෂ්වරන්ගේ ප්‍රධානත්වයෙන් පැවති එම සැමරුම් උත්සවයට පක්ෂ නායක ආර්.සම්බන්ධන්, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන මාෙවියි සේනාධිරාජා, ශිවඥානම් ශ‍්‍රීධරන්, ශිවශක්ති ආනන්දන්, ටි.සිද්ධාර්ථන්, උතුරු පළාත් සභා මන්ත‍්‍රීවරුන්, යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාවගේ ඥාතීන් ඇතුලු පිරිසක් සහභාගි වි සිටියහ.

“මැයි 18 වන දිනය, දෙමළ ජනතාවට ජාතික ශොක දිනයකි. අපගේ ජනතාව සැලැසුම් සහගතව විනාශ කල දිනයයි. මියගිය අපගේ ජනතාව වෙනුවෙන් පාහන් දල්වා ගෞරවය පුදකරන දිනයයි” යැයි සැමරුම් උත්සවය ගැන අදහස් දක්වමින් විපක්ෂ නායක ආර් සම්බන්ධන් ප්‍රකාශ කර ඇත.

ජාත්‍යන්තර නීති රීති සහ මානව ශිෂ්ඨාචාරය ගරු කරමින් ධර්මය වෙනුවෙන් සටන් කළ දෙමළ ජනතාවගේ වීර හමුදාව සිංහල රජය විසින් කුමන්ත්‍රණකාරී ලෙස පාරාජය කළ බවත්, වීර මරණයට පත් වූ මහවිරුවන් විසින් බිහිකළ දෙමළ ජනතාවගේ සටන විනාශ කිරීමේ සතුට සිංහල ජනතාව භුක්ති විදිමින් සිටින බවත්, ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එස්.ශ්‍රීධරන් ප්‍රකාශ කර ඇත. මේ ආකාරයෙන් ඝාතනය කළ ජනතාවගේ අනුස්මරණ වැඩසටහනක් ලෙස, මුල්ලිවායක්කාල් අනුස්මරණ දිනය සමරමින් සිටින්නෙමු, යැයිද මන්ත්‍රීවරයා පවසයි.

මූලාශ්‍රය – ටැමිල්වින්

Related posts

ඇමතිකමක් දෙන්න ජනපති තොන්ඩමන්ට අඩගසයි…

colombotoday

පොලිස් අත්අඩංගුවට පත් කාන්තාවක් රෝහල්ගත කළ පසු මියයයි

colombotoday

සිංහල – මුස්ලිම් කෝලාහලයක් ඇති කිරීමේ කුමන්ත්‍රණයක් ! – බන්දුල අනතුරු අගවයි

colombotoday

සියලු රාජ්‍ය සේවකයින් අද සිට සේවයට

colombotoday

බිමතින් රිය පැදවු ලාල් කාන්ත අත්අඩංගුවට

colombotoday

බුද්ධි අංශ හෙළිදරව් කරද්දීත් ලංකාවේ ISIS ත්‍රස්තයන් නැතැයි කියන NGOවේ පැටිකිරිය මෙන්න

colombotoday