Colombo Today Local News

“භයානක හොරු, මහජන මුදල් කොල්ල කාලා මාධ්‍ය ආයතන පටන් අරන්“ – රන්ජන් අගමැතිගේ මිත්‍ර සමාගම පතුරු අරී

“අද භයානක හොරු මහජන මුදල් කොල්ලකා මාධ්‍යායතන හා රූපවාහිනි චැනල් පටන් ගෙන තිබෙනවා. මේ ආයතනවල මාධ්‍යවේදීන්ට ඔබතුමන්ලා ගන්න පඩිය වගේ දහ ගුණයක් පමණ ගෙවනවා. බෙන්ස් කාර් දෙනවා. වැඩි මුදලක් ලැබෙන නිසා හොර සල්ලි කියලා බලන්නේ නැතුව ඒවාට යනවා. මේක අපි හැමෝම කරන භයානක වරදක්” යැයි සමාජ සවිබල ගැන්වීම් හා සුබ සාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සඳහන් කරයි.

එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරයට මෙරට පුරවැසිභාවය නොමැති පුද්ගලයෙක් පත්කර ගැනීම අනතුරුදායක ක්‍රියාවක් බැවින් එම තනතුරට පුද්ගලයකු පත් කිරීමේදී මෙරට පුරවැසිභාවය අනිවාර්ය කිරීමේ යෝජනාවක් ගෙන ඒමේ අවශ්‍යතාවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
මාදිවෙල පාර්ලිමේන්තු මන්ත්‍රි නිවාස සංකීර්ණයේ පිහිටි තම නිල නිවෙසේදී 5දා දහවල් පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

කෙසේ වෙතත් රන්ජන් රාමනායක අමාත්‍යවරයා නම් ගම් නොකියා මේ ප්‍රකාශ කලේ බැඳුම්කර දුෂණයට සම්බන්ධ පාර්ශවය විසින් ආරම්භ කල මාධ්‍ය ජාලය පිළිබඳව බව අපට හොඳින් වැටහේ. කෝටි ගණන් වියදම් කරමින් මාධ්‍ය ආයතනවල ආයෝජනය කරමින් සහ නව පුවත්පත් ආරම්භ කරමින් මාධ්‍ය සංදර්ශන පවත්වා දේශපාලන බලය ලබා ගැනීමේ අරමුණෙන් මොවුන් කටයුතු කරන බව ජනතාව තරයේ සිහි තබා ගත යුතුය.

– මව්බිම

Related posts

“පෞද්ගලික අධ්‍යාපනය නංවනවා.. තවත් වෛද්‍ය විද්‍යාල තුනක් අරඹනවා“ – කිරිඇල්ල

colombotoday

“විනිමය ඉන්දියාවට, දුප්පත්කම අපට” ඉතිහාසයේ මුල්වරට රෙදි සෝදන්නොත් විරෝධයේ

colombotoday

වාහන අංක තහඩුවෙන් පළාත් අක්ෂර ඉවතට

colombotoday

“ආණ්ඩුවක් හම්බවුණේ අවු 19කින්.. අපේ සමහරු එක දිගට හොරකම් කරන්න ගත්තා” – රන්ජන්

colombotoday

අලි සබ්‍රි කියන්නේ තක්කඩියෙක්, අන්තවාදියෙක්, ත්‍රස්තවාදියෙක් – මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමි කියයි

colombotoday

දුම් බද්දෙන් ත්‍රී රෝද රථ/යතුරුපැදි නිදහස්

colombotoday