Colombo Today Local News

මියන්මාර මුස්ලිම් ජාතිකයන් 32ක් රැගෙන ලංකාවට හොරෙන් ආ බෝට්ටුවක් අල්ලයි

ශ්‍රී ලංකා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වීමට උත්සාහ කළ 32 දෙනකු රැගත් බෝට්‌ටුවක්‌ ඊයේ (30දා) පෙරවරුවේ උතුරු නාවික විධානයට අයත් වෙරළ ආරක්‌ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පිරිස අතර දින 15 ක දරුවකු මාස 04 ක දරුවකු සහ වයස අවුරුදු 09 ට අඩු තවත් දරුවන් 14 ක්‌ මියන්මාර වැසියන් 14 ක්‌ (පිරිමින් 07 යි, කාන්තා 07 යි) සහ ඉන්දීය ජාතිකයන් 02 ක්‌ සිටි බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කොමාන්ඩර් චමින්ද වළාකුළුගේ ඊයේ (30) දා පැවැසීය.

වෙරළ ආරක්‌ෂක නිලධාරීන් කළ නිරීක්‌ෂණයකදී සැකකටයුතු යාත්‍රාවක්‌ ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වී තිබෙන බවත් එහි සිටිය යුතු පිsරිසට වඩා වැඩි පිරිසක්‌ සිටින බවත් දැක ඇත. ඒ සම්බන්ධයෙන් තවදුරටත් නිරීක්‌ෂණය කිරීමේදී කාන්තාවන් පිරිසක්‌ද සිටීම නිසා එම යාත්‍රාව සිය භාරයට ගෙන සිදුකළ පරීක්‌ෂණයකදී මෙම පිsරිස අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පිරිස සිටි යාත්‍රාව කන්කසන්තුරේ මුහුදු සීමාවට මුහුදු සැතපුම් 12 ක්‌ (කිලෝ මීටර් 25 ක්‌ පමණ) දුර සිට අත්අඩංගුවට ගෙන කන්කසන්තුරේ නාවික වරායට රැගෙන විත් වෛද්‍ය පහසුකම් ඇතුළු අනෙකුත් පහසුකම් නාවික හමුදාව මගින් ලබාදුන් බවද ඒ මහතා කීය.

මෙම පිරිස මියන්මාර් ජාතිකයන් බවත් මියන්මාරයේ බෞද්ධ මුස්‌ලිම් ගැටුමක්‌ නිසා මීට වසර 04 කට පමණ පෙර ඉන්දියාවට පලාවිත් රැඳී සිට ඇති බවත් හෙළිවී ඇත. මේ පිරිස ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිsණෙන්නට ඇතැයි නාවික හමුදාව සැක පහළ කරයි. මෙම පිරිස මියන්මාර් මුස්‌ලිම් ජාතිකයන් බවද අනාවරණය වී තිබේ. මොවුන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බව නාවික හමුදාව පවසයි.

Related posts

“මගේ කාලයේ බැදුම්කර ගණුදෙනු ගැනත් හොයන්න” – මහින්දගෙන් අභියෝගයක්

colombotoday

සහරාන් හෂීම් යටතේ අන්තවාදී පන්ති සංවිධානය කල මොහොමුදු විසීර් අත්අඩංගුවට

colombotoday

පුද්ගලික පාසල් 400කට කැබිනට් අනුමැතිය… අධ්‍යාපනය පෞද්ගලීකරණය තවත් පියවරකින් ඉදිරියට…

colombotoday

වායු රයිෆලයක් හා පතරොම් 129 ක් සමග හාලිඇල පාසලකට අනවසරෙන් ඇතුළුවූ 4ක් අත්අඩංගුවට

colombotoday

උද්ඝෝෂකයෝ වලපනේ ප්‍රාදේශිය සභාවේ සභාපතිට හූ කියා පන්නා දමති.

colombotoday

අන්තර් ජාලයෙන් වංචා රැසක්.. පොලීසියෙන් අනතුරු ඇඟවීම්

colombotoday