Colombo Today Local News

සිමෙන්ති සැඟවූ කඩ 10කට වැඩ වරදී

වැඩි මිළට අළෙවි කිරීමේ අරමුණින් සිමෙන්ති සඟවා තබා ගෙන සිටි බවට අධිකරණය හමුවේ චෝදනා ලබා සිටි අනුරාධපුරයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිහාල් දහයකට එකී චෝදනාවට වරදකරු වීමෙන් පසුව එම ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිහල්වලට මුදලින් රුපියල් ලක්ෂයක දඩ මුදලක් අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් හේමන්ත පුෂ්ප කුමාර සහ කැකිරාව මහේස්ත‍්‍රාත් සමන් වැරනියගොඩ යන මහත්වරුන් නියම කර තිබේ.

එක් ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිහලකට මුදලින් රුපියල් දස දහස බැගින් වෙන් වෙන් වශයෙන් රුපියල් ලක්ෂයක දඩ මුදල නියම කර ඇත.

අත්අඩංගුවට ගත් සිමෙන්ති මිටි 500 රාජ සන්තක කිරීමටද මහේස්ත‍්‍රාත්වරු තවදුරටත් නියෝග කර ඇත.

පාරිභෝගික අධිකාරියේ උතුරු මැද පළාත් සහකාර අධ්‍යක්ෂ මංජුල ගුනවර්ධන මහතාගේ උපදෙස් මත එම කාර්යාලයේ අනුරාධපුර දිස්ත‍්‍රික් කාර්යාලයේ ප‍්‍රධානි බී ඒ සී පී පෙරේරා සහ විමර්ශන නිලධාරින් වන එල් එම් එස් නාවිමන,ලහිරු ආරියසිංහ,එස් ඒ එම් රසිත්,ඩබ් ඞී එස් චතුරානි සහ ඩබ් එම් පී කේ විජේපාල යන මහත්වරු මෙම වැටලීම් සිදු කළහ.

Related posts

දෙරණ හිමිකරු බැදුම්කර පත්තරේ මිලදී ගනී

colombotoday

බැසිල් – කබ්රාල් වහාම ඉවත් වනු ….! – ජාතික සංවිධාන මහ බැංකුව ඉදිරිපිට උද්ඝෝෂණ

colombotoday

රාජකාරිය කරන්න ගිය පොලිස් නිලධාරින් දෙදෙනෙකුට පහරදීමක්

Admin

මත්තල ගුවන්තොටුපොළ ඉන්දියාවට විකුණා රුසියාවෙන් කබල් යුද නැවක් මිලට ගන්න යයි !

colombotoday

කොටි හිතවාදී චිත්‍රපටය ඉන්දීයාවේ ප්‍රදර්ශනය තහනම් කරයි

colombotoday

ශ්‍රී ලාංකිකයන් සහිත නැව මුදාහැරීමට සෝමාලි කොල්ලකරුවෝ කෝටි 76ක් කප්පම් ඉල්ලති

colombotoday