Colombo Today Local News

බැඳුම්කරෙන් රජයට කෝටි 1000ක පාඩුවක්.. පාඩුව තිස් අවුරුද්දක් පුරා විඳගන්න වෙයි !

තමාගේ ගණනය කිරීම් අනුව 2015.02.27 දින මහ බැංකුවේ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුවෙන් රජයට රු. කෝටි 1000 ක පාඩුවක්‌ සිදුවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්. ඒ. විඡේවර්ධන මහතා ඊයේ (26දා) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් පැවැසීය.

ක්‍ෂණිකව රු. කෝටි 53.2 ක පාඩුවක්‌ සහ එයද ඇතුළත්ව තිස්‌ අවුරුදු කාලය තුළ රු. කෝටි දහසක මුළු පාඩුවක්‌ සිදුව ඇති බවද විඡේවර්ධන මහතා කොමිසමට කීවේය.

2015.02.27 දින භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 2.6 ක ලංසු පිළිගැනීමේ තීරණයට නොගොස්‌ බිලියන 10 කට ලංසු පිළිගත් නිසා මේ පාඩුව සිදුවූ බවද හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයා කීවේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න එස්‌. ජයවර්ධන මහතාගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් එම ක්‍ෂණික අලාභය සහ තිස්‌ අවුරුදු පාඩුව සිදුවූ ආකාරය තමා ගණනය කළ ක්‍රමවේදය ද කොමිසමට පැහැදිලි කළේය.

අදාළ වර්ෂ 30 ක කාලය තුළ සියයට 12.5 ක ඉතා ඉහළ පොළියක්‌ ගෙවීමට සිදුවීම නිසා රු.කෝටි දහසක පාඩුවක්‌ සිදුවන බව තමා ගණනය කළ බවද පැවැසූ හෙතෙම 2015.02.27 දින භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී රු. බිලියන දහයකට අධික ලංසු පිළිගැනීම නිසා රජයට සිදුවූ පාඩුව ගණනය කළ ලේඛනය ද ඊයේ කොමිසමට ඉදිරිපත් කළේය.

එම පාඩු ගණනය කළ ක්‍රමවේදය නිවැරදි ක්‍රමවේදයක්‌ බවද විඡේවර්ධන මහතා විනිසුරු ජයවර්ධන මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කීවේය.

Related posts

පාසල් පෙළපොත්වලට තමන්ගේ මුණ ඔබා ගත් ඇමති අකිල විරාජ්ට නොතීසි

colombotoday

විනිසුරුවරුන් හමුවීමට එ.ජා. නියෝජිත කළ ඉල්ලීමට අවස්ථාව නොදිය යුතුව තිබුණා – කථානායක කරූ ජයසූරිය

colombotoday

ජපන් අගමැති මුල්ගල් තැබූ ගුවන්තොටේ නෙළුම් මල අර්ජුන ගලවයි

colombotoday

මර්වින් සිල්වා ශ්‍රී ලනිප යේ සාමාජිකත්වය ලබාගනී

colombotoday

විමල් වීරවංශට එරෙහි නඩුව විභාගයට දින නියම කරයි

colombotoday

එස්. බි. හා ඩිලාන්ට එරෙහිව නිදහස් පක්ෂයෙන් විනය පරීක්ෂණයක්

colombotoday