Colombo Today Local News

රනිල් – මෝදි ගිවිසුමට අත්සන් තබයි.. ලංකාවේ ඉන්දියානු ක්‍රියාකාරකම් ගැන එකගතාවකට එයි !

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර වෙළද ගිවිසුම් සම්බන්ධයෙන් දෙරට අතර අවබෝධතා ගිවිසුමක් ඊයේ (26) අත්සන් තැබිණි.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හා ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ අතර නවදිල්ලි නුවර හයිද්‍රාබාද් මන්දිරයේ පැවති ද්විපාර්ශවීය සාකච්ඡාවලින් අනතුරුව මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබිණි.

ත්‍රිකුණාමලයේ ද්‍රව ස්වභාවික ගෑස් නිශ්පාදන හා සූර්ය බලාගාරය, ත්‍රිකුණාමල නගරය, වරාය හා ආර්ථික සංවර්ධන කලාපය පිළිබදව එකගතාවන් මෙම ගිවිසුමට ඇතුළත් බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මාර්ග සංවර්ධනය, දුම්රිය සේවා නවීකරණය හා වරාය බහාලුම් පර්යන්තය ආදී ක්ෂේත්‍ර ගණනාවක්ද ඊට ඇතුළත් බව එම නිවේදනයේ දැක්වේ.

Related posts

බදුල්ල රෝහලට පැමිණි වෛද්‍යවරයාගේ‍ මෝටර් රථයෙන් කඩුවක් හමුවෙයි

colombotoday

පුත්තලමේත් නිවෙස් දෙකක ගෑස් ටැංකි ලීක්. – එක් සිලින්ඩරයක් ගිනිගනී. අනෙක් ටැංකිය කඩිනමින් ඉවත් කරයි.

colombotoday

කාලගුණයෙන් රතු නිවේදනයක්

colombotoday

චීවරයත් අවභාවිතා කරයි | භික්ෂුවකගේ වෙස් ගත් සැකකරු අධිකරණයට

colombotoday

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසියි ! නව පනතක් ගේනවා.. අගමැති නවසීලන්තයේදී කියයි

colombotoday

දේශීය ඖෂධ ජනතාවට ලබා දෙන්න ජනපතිගෙන් උපදෙස්

colombotoday