Colombo Today Local News

“මංතීරුව හදල තියන්නේ අනවසරයෙන්.. ලොකු ගාණක් යටිමඩි ගහලා.. මං ඒක කැඩුවා” – ජෝන් ඇමති

වත්තල මාබෝල, කළුඇල ව්‍යායාම මංතීරුව ඉදිකර ඇත්තේ අයිතිකරුවන්ගෙන් බලහත්කාරයෙන් අල්ලාගත් ඉඩමක බවත්, ඒ සදහා අදාළ රාජ්‍ය ආයතනවද අවසරයක් ලැබී නොමැති බවත් සංචාරක, ඉඩම් හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.

එම මංතීරුව කඩා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියා. පසුගිය රජය යටතේ එම මංතීරුව ඉදිකිරීමේදී විශාල වශයෙන් මුදල් යටිමඩි ගැසීම් සිදුව ඇති බව වාර්තා වී ඇති බවත්, ඒ පිළිබදව වහාම පරීක්ෂණයක් ආරම්භ කළයුතු බවත් අමාත්‍යවරයා එහිදී අවධාරණය කරා.

මංතීරුව කඩා දැම්මේ තමාගේ අනුදැනුම ඇතිව බවත් , නිවාස යෝජනාවක් ඉදිකිරීම සදහා එලෙස මංතීරුව කඩා දැමූ බවත් පවසන ඇමතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ එයට විරෝධය දක්වන්නේ සුපිරි පැලැන්තියේ මිනිසුන් මිස සාමාන්‍ය ජනතාව නොවන බවයි.

ඉදිරියේදී එම මංතීරුව පැවති භුමියේ අඩි 33ක් පළලකින් යුතු මාර්ගයක් ඉදිකරන බවත්, එතකොට ඕනෑම අයෙකුට ඇවිදින්න බැරිනම් පිනුම් ගහන්නත් හැකිවන බවත් අමාත්‍යවරයා එහිදී පැවසීය.

මංතීරුව රාත්‍රියේ කඩා දැමීම පිළිබද අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ වැඩක් කරනවානම් එයට දවල්ද රාත්‍රියේද කියා වෙනසක් නොමැති බවයි. ගම්පහ දිස්ත්‍රික්කයේ එක්තරා නියෝජ්‍ය අමාත්‍යවරයෙකු එම මංතීරුව ඉදිකිරීමේදී මුදල් ගසා කෑ බවද ඉඩම් අයිතිකාරයන්ට ශතයක්වත් ගෙවා නැති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් එහිදී කියා සිටියා.

Related posts

රන්ජන් රාමනායක පිරිමි ගණිකාව, සෝමාගේ හොර මිනිහා – නිමල් ලංසා සහ රංජන් අතර ගැටුමක්

colombotoday

ලංකාවේ තර්ජණ කියා කැනඩාවේ සරණාගත වීසා ඉල්ලූ ද්‍රවිඩ පවුලක් පිටුවහල් කරයි

colombotoday

පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය සහ ආයෝජන දිරි ගැන්වීමට විශේෂ ඒකක පිහිටුවීමට අනුමැතිය

colombotoday

කැලණි ගඟට වැටුණු සැරයන්ගේ සිරුර දින 7කට පසු හමුවෙයි

Admin

ජවිපෙ අමුඩකාරයන් කොළඹ වෙළෙන්දන් මිස ගොවියන් නොවෙයි-රවී [Video]

colombotoday

ධම්මිකගේ කොවිඩ් ඔසුවට ආයුර්වේද අනුමැතිය

colombotoday