වත්තල බෝපිටිය මුතුරාජවෙල ප්‍රදේශයේ අද පෙරවරුවේ උණුසුම් තත්වයක් ඇති වුනා. ඒ කොළම මහනගර සීමාව තුළ එක්රැස්වන කසල ලොරිරථවලින් එම ප්‍රදේශයට රැගෙන එ්මත් සමගයි.
වත්තල බෝපිටිය ප්‍රදේශවාසීන් සහ පොලීසිය අතර එහිදී ගැටුම්කාරී තත්වයක් ඇතිවුණු අතර තත්ත්වය පාලනය කිරීම සදහා පොලිස් විශේෂ කාර්ය බළකාය කැදවා තිබිණි. කෙසේ වෙතත් විරෝධතා මධ්‍යයේ වුවද කුණු බැහැර කිරීම නිරුපද්‍රිතව සිදුවුණ බවයි වාර්තා වන්නේ.