Colombo Today Local News

බෑණාගේ සමාගම යළිත් බැදුම්කර වෙන්දේසියේ

මහ බැංකුවේ ආන්දෝලනයට තුඩු දුන් බැඳුම්කර සිද්ධියට චෝදනා ලද පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම නැවත වරක් බැඳුම්කර මිලදීගැනීමට ඉදිරිපත්ව සිටී.

මෙවර රුපියල් මිලියන 29,500ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියට ඉදිරිපත්ව ඇති එම සමාගම රුපියල් විසිදෙලක්ෂ හයදහස් එකසිය වසිතුනක් (රු. 2,206,123) මිලදී ගැනීම සඳහා ලංසු තබා ඇත.

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම අයත් වන්නේ ආන්දෝලනයට තුඩු දුන් බැඳුම්කර සිද්ධිය වූ සමයේ මහ බැංකු අධිපතිවරයා වූ අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා වන අර්ජුන ඇලෝසියස්ටය.

කෙසේ නමුත් මේ සිද්ධිය ගැන ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරන්නේ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට ගනුදෙනු කිරීමට තහනමක් පනවා නැති බැවින් ඔවුන්ට ලංසු තැබිමට නීත්‍යනුකූලව හිමිකමක් ඇති බවය.

Related posts

කැලණි පාලමේ කෝටි විසි අටක ඇණ ගැලවීම ගැන සී.අයි.ඩී පරීක්ෂණයක්

Admin

හෙරොයින් වෙනුවට ගෙනා මත් කරල් කිලෝ 34ක් අල්ලයි

Admin

රත්නපුරේදී රිය අනතුරක්

Admin

“හිතේ ගින්දර නැතිව ලිපි ගිනි මෙලවිය හැකි සුබ අළුත් අවුරුද්දක් වේවා” – හිටපු ජනපතිගේ අලුත් අවුරුදු පැතුම

colombotoday

බන්ධනාගාර කිහිපයකට යළිත් STF ආරක්ෂාව

colombotoday

ඡන්දෙන් පස්සේ පක්ෂයේ තනතුරුවලින් ඉවත් වෙනවා- මෛත්‍රිපාල

colombotoday