Colombo Today Local News

ජංගම දුරකතන භාවිතා කරමින් දුම්රිය මාර්ගයේ ගිය අයෙකු දුම්රියේ වැදී මරුට

උඩරට දුම්රිය මාර්ගයේ තලවකැලේ, ශාන්ත ක්ලෙයාර් හා සෙන්ඇන්ඩෲස් අතර ප්‍රදේශයේදී දුම්රියක වැදී පුද්ගලයෙකු අද (15) දහවල් ජීවිතක්ෂයට පත්ව ඇතැයි තලවකැලේ පොලීසිය පවසයි.

මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ කොටගල, සෙන්ඇන්ඩෲස් වත්තේ පදිංචි ආර්. මෝහනසුන්දර (24) නැමැති අයෙකු බවට හඳුනාගෙන ඇත.

මෙම පුද්ගලයා ජංගම දුරකතනය භාවිතා කරමින් දුම්රිය මාර්ගයේ ගමන් ගනිමින් සිටියදි මෙසේ අනතුරට පත්ව ඇති බවට මුලික පරික්ෂණවලදී අනාවරණය වී තිබේ.

බදුල්ලේ සිට කොළඹ කොටුව බලා ධාවනය වු පොඩි මැණිකේ දුම්රියේ මෙම පුද්ගලයා ගැටී ජීවිතක්ෂයට පත්ව ඇති අතර, පසුව එම දුම්රියෙන්ම මියගිය පුද්ගලයාගේ මළ සිරුර කොටගල දුම්රිය ස්ථානය වෙත භාරදීමෙන් අනතුරුව කොටගල ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන ගොස් තිබේ.

මෙම අනතුර සම්බන්ධයෙන් තලවකැලේ හා දිඹුල- පතන පොලීසි වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරනු ලබයි.

ක්‍රිෂාන්තන්

Related posts

ඔන්ලයින් ඉඩම් ලියාපදිංචි කිරීම කඩිනම් කරන ලෙස ජනපති කියයි

colombotoday

මහින්ද ශ‍්‍රීලනිප නායකත්වය එපා කියයි

colombotoday

විනය කඩන අයට දඩුවම් නොදුන්නොත් මගේ මහ ලේකම්කමෙන් වැඩක් නෑ – දුමින්ද

colombotoday

ජනාධිපතිවරණයට පාතාලයත් ගොඩවෙයි

Admin

දිවුරුම් දී පැයකින් පොහොට්ටුවේ චානක කැලේ එපා කියයි

colombotoday

T-56 උණ්ඩ හා සන්නිවේදන උපකරණ කිහිපයක් බලංගොඩින් සොයා ගැනේ

colombotoday