ඉන්දියාව විසින් නිශ්පාදනය කරනු ලැබූ විශාලතම යුද නෞකාව මෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාව මේ දක්වා මිළදී ගැනීමට නියමිත විශාලතම යුද නෞකාවේ ඉදිකිරීම් කටයුතු මේ වන විට අවසන්ව ඇති බව ඉන්දීය මාධ්‍ය ප්‍රකාශ කරයි.
ඉන්දියාවේ ගෝවා හී ෂිප්යාඩ් නැව් සමාගම විසින් නිශ්පාදනය කළ මෙම නෞකාව පැයට නාවික සැතපුම් 25ක වේගයකින් ගමන් කල හැකි අතර දිගින් මීටර් 25 ක් වේ. ඉන්දීය රුපියල් කෝටි 1000ක වටිනාකමකින් යුතු මෙවැනි නෞකා දෙකක් මිලදී ගැනිම ශ්‍රී ලංකාව කටයුතු කර තිබේ.
එළැඹෙන 22 වනදා ගෝවා හී පැවැත්වෙන උත්සවයකදී එම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාවට භාර දීමට නියමිතය.