Colombo Today Local News

ඇමෝනියා නයිට්රේජන් පුපුරණ ද්‍රව්‍ය කිලෝ එකසිය හැත්තෑපහක් සමග දෙදනකු අත්අඩංගුවට

බලපත් නොමැතිව නීති විරෝධි අයුරින් ඇමෝනියා නයිට්රේජන් පුපුරණ ද්‍රව්‍ය කිලෝ 175 ක් සන්තකයේ තබාගත් පුද්ගලයන් දෙනෙකු පුනෑවේදි අත්අඩංගුවට ගත්බව මැදවච්චිය පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර,වහමල්ගොල්ලෑවේ හා මොරටුවේ පහල ඉදිබැද්ද යන ප්‍රදේශවල පදිංචි 64 හැවිරිදි වියේ පසුවන පුද්ගලයන් දෙදෙනෙකි.

පොලිසියට ලද තොරතුරක් මත සිදුකල වැටලිමේදි එක් පුද්ගලයෙක් සන්තකයේ ඇමෝනියා නයිට්රේජන් පුපුරණ ද්‍රව්‍ය කිලෝ එකසිය පනහක්ද අනෙක් පුද්ගලයා සන්තකයේ කිලෝ විසිපහක්ද තිබු බව පොලිසිය පැවසිය.

කලුගල් වැඩපලක් සදහා භාවිතා කිරිමට තමන් මෙම පුපුරණ ද්‍රව්‍ය සන්තකයේ තබාගත් බව මෙම පුද්ගලයන් සිදුකළ ප්‍රශ්න කිරිමේදි පොලිසියට පවසා තිබේ.

අත්අඩංගුවට ගනු ලැබු පුපුරණ ද්‍රව්‍ය හා සැකකරැවන් අද (26)දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.

මැදවච්චිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අනුර බණ්ඩාර මහතා ඇතුළු පොලිස් නිලධාරිහු පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වති.

Related posts

ජනපති, හිටපු ජනපති පුතුන් මැතිවරණ වේදිකාවේ.. මුල්වරට කීව කතා මෙන්න (Video)

colombotoday

විජිතපුර බලකොටුවේ පුරාවිද්‍යාත්මක ඉඩමක්‌ ඩෝසර් කර පලතුරු වගා කල මුස්ලිම් ගුරුවරයා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

colombotoday

කෝටි දෙකක අයිස් මත්ද්‍රව්‍ය සමග කැලණිය වණවාසළදී තරුණයෙක් අත්අඩංගුවට

colombotoday

පාසල් වේලාව පැයකින් දීර්ඝ කෙරේ

colombotoday

රුධිර ප්ලාස්මාව අපනයන කිරීමේ මගඩියක්…

colombotoday

ජාතික ලැයිස්තුවෙන් 50%ක නියෝජනයක් කාන්තාවන් ට ලබාදිය යුතුයි

colombotoday