Colombo Today Local News

ජාතික ලැයිස්තුවෙන් 50%ක නියෝජනයක් කාන්තාවන් ට ලබාදිය යුතුයි

ඉදිරි මැතිවරණයේ දී ජාතික ලැයිස්තුවෙන් 50%ක නියෝජනයක් කාන්තාවන් ට ලබාදිය යුතු බව පිවිතුරු හෙළ උරුමය යෝජනා කර තිබේ.

මැතිවරණ ප්‍රතිසංස්කරණ සඳහා වන පාර්ලිමේන්තු කාරක සභාවට ඔවුන් මේ බව යෝජනා කර ඇත.

එමෙන්ම අපේක්ෂක ලැයිස්තුවෙන් 25%ක නියෝජනයක් කාන්තාවන් ට ලබාදිය යුතු බව පිවිතුරු හෙළ උරුමය වෙනුවෙන් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා යෝජනා කර ඇතැයි වාර්තා වේ.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ පවත්වා ඇති අතර, එහිදී අදහස් දක්වමින් ගම්මන්පිල මහතා පවසා ඇත්තේ, ප්‍රචාරණයේ දී පෝස්ටර් තහනම ඉදිරියේ දී පැවැත්වාගෙන යා යුතු බවය.

එමෙන්ම මැතිවරණයේ දී අපේක්ෂකයින් වියදම් කරන මුදල් ප්‍රමාණය පිළිබඳ සීමාවක් ඇති කළ යුතු බවත්, මැතිවරණයෙන් පසු මාස තුනක් ඇතුළත වියදම් කළ මුදල් ප්‍රමාණය ප්‍රසිද්ධියට පත්කර මුදල් පරිත්‍යාගවල ප්‍රභවය සඳහන් කළ යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ජනාධිපතිවරයා පත්වීමේ වාර ගනන පිළිබඳව ද මැතිවරණ කොට්ඨාසය සීමා නිර්ණය කිරීමේ දී අවධානය යොමුකළ යුතු බව උදය ගම්මන්පිල අමාත්‍යවරයා පවසයි.

Related posts

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ද 73ක් අත්අඩංගුවට…

colombotoday

ඉන්ධන මිළ ඉහළ දැමීම රටට යහපතක්.. පරිසර දූෂණය අඩුවෙනවා – ඇමති ඉරාන්

colombotoday

දිඹුලාගල ප්‍රාදේශිය සභා අයවැය වැඩි ඡන්ද තුනකින් සම්මතයි

colombotoday

කුරුන්දි විහාරයට අයත් ඉඩම් වෙනත් අයට පවරාදීමට තීරණයක් ගෙන නැහැ. – ජනපති ලේකම්

Admin

කුණු බැහැර කිරීම්වලට බාධා කරන අය අල්ලන්න පොලිස් මෙහෙයුමක්

colombotoday

ඔළුවට යකඩ ඉන්නකින් ඇන පුතෙකු මව මරා දාලා..

colombotoday