Colombo Today Local News

තෙල් ටැංකි ඉන්දියාවට දුන්නොත් රටම නවතී.. තෙල් සේවකයන් සටනට සූදානම් !

ත්‍රිකුණාමලය චීන වරායේ තෙල් ටැංකි සංකීර්ණය කැබිනට් පත්‍රිකාවක් හරහා ඉන්දියාවට පැවරීමට අගමැතිවරයා සුදානම් වන වන අතර ඊට එරෙහිව ඛනිජ තෙල් සේවකයන් දැවැන්ත වැඩවර්ජනයකට සුදානම් බව ඛනිජතෙල් පොදුසේවක සංගමයේ සභාපති අශෝක රන්වල මහතා (19 )කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.එළඹෙන 28 වැනි දින එම ගිවිසුම අත්සන් කිරීමට ආණ්ඩුව කටයුතු යොදා ඇති බව රන්වල මහතා ප්‍රකාශ කළේය.

රජයේ සම්පතක්ව පවතින චීන වරායේ තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට පවරා දීමට ආණ්ඩුව සුදානම් වුවහොත් පිරිපහදුවේ සිට ගුවන් ගමන් සඳහා ද ඉන්ධන ලබා දීම අත්හිටුවන බවයි හෙතෙම අවධාරණය කළේ.

ඛනිජ තෙල් සේවකයන්ට ආණ්ඩුව ඇහුම්කන් නොදුන්නොත් රටේ සෑම ක්ෂේත්‍රයක්ම අඩපණ වනු ඇතැයි පෙන්වා දුන් රන්වල මහතා කියා සිටියේ කිසිලෙසකින්වත් අනාගත පරම්පරාවේ දේපළ සුරක්ෂිත කිරීමේ වෑයම අත්නොහරින බවයි.

Related posts

මත්පැන් මිල වැඩිවේ

colombotoday

ආණ්ඩුවට ඉල්ලා අස්වන්නැයි බල කරමින් සිල් මෑණියෝ උපවාසයේ

colombotoday

ඉතිහාසයේ මුල් වතාවට සංක්‍රමණය ධන අගයක් ගනී… රොහින්ගියා, ඇෆ්ගන්, අනාතයෝ බුරුත් පිටින් ලංකාවට

colombotoday

කුසලධම්ම හිමියන් ගිලන් වෙද්දී දේපල සොරා ගැනීමට කැස කවන වසලයෝ…

colombotoday

ඡන්ද පොලේ බීමත්ව කලහ කළ පොලිස් පරික්ෂකගේ වැඩ තහනම්

colombotoday

ප්‍රවාහන ආයතන සංශෝධන පනතට කතානායකගේ සහතිකය

Admin