Colombo Today Local News

හම්බන්තොට විහාරයකට ගිනි තබා පළා ගිහින් !

හම්බන්තොට, සිරිබෝපුර ශ්‍රී ජයබෝධි විහාරයට අද (20) පෙරවරුවේ පැමිණි පිරිසක් ගිනිතබා පළාගිය බව එම විහාරස්ථානයේ විහාරධිපති බරවකුඹුකේ නාරද හිමියෝ හම්බන්තොට පොලීසියට පැමිණිලි කර තිබේ.

පෙරවරුවේ ත්‍රිවිල් රථයකින් පැමිණි පරිසක් විහාරය ඉදිරිපිට ත්‍රිවිල් රථය නවතා පසුව ඉන් එක අයෙකු විහාරයට පැමිණ විහාරයේ දාන ශාලාවේ සිවුරු සහිත සිවිලිමට ගිනිතබා පළා ගිය බව විහාරාධිපති හිමියන් පොලීසියට පැමිණිලි කර ඇත .

ගින්න පැතිරීමට මත්තෙන් එය නිවා දැමීමට කටයුතු කළබවත් එම නිසා තරම් හානියක් සිදුනොවූ බවත් උන්වහන්සේ පොලීසියට පවසා ඇත. ගිනිතැබීම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.

Related posts

බස්නාහිර හැර සෙසු සියලු පාසල් විවෘත වන දිනය මෙන්න

colombotoday

මළගෙදරක් වූ ආණ්ඩුව සහ කුඩුපට්ටම්වන යහපාලන සිහින!

colombotoday

ජනපතිගේ තීරණයෙන් 60කට පැන්ෂන් අහිමිවෙයි… කෝටි ගණනක් රටට ඉතිරියි !

colombotoday

පොදුජන සෝ සුසුම් මැද සෝභිත නාහිමි දැයෙන් නික්ම යයි!

colombotoday

ඇමති අරුන්දිකගේ ජීප් රථය කරනම් ගහයි.. තිදෙනෙක් රෝහලේ..

colombotoday

ඩුබායි සිට රැගෙන ආ මෘත ශරීරය කෙසෙල්වත්තේ දිනුකගේ බව හඳුනාගැනේ

colombotoday