Colombo Today Local News

කෝටි 1600කට ඉන්දියාවෙන් දුම්රිය කට්ටල 6ක්, එන්ජින් 10ක් මිළදී ගනී

ඉන්දියාවේ නිෂ්පාදිත නවතම දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටල ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මිලදී ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ඩීසල් ලොකොමොටිව් එන්ජින් 10ක් සහ තවත් ඩීසල් දුම්රිය කට්ටල 6ක් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තු විසින් මිලදී ගෙන ඇති බව Indianexpress පුවත් සේවය සදහන් කරයි. ඉන්දීය රුපියල් කෝටි 680 (ශ්‍රී ලංකා රුපියල් කෝටි එක්දහස් හයසීයක්) පමණ වන මෙම මිළදී ගැනීම ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සිදු කරන විශාලතම ආනයනය වන බවද එම පුවත් සේවය කියා සිටී.

නවීන අංගෝපාංග වලින් සමන්විත මෙම එන්ජින් වරනසි සහ චෙන්නයි හි නිෂ්පාදනය කරනු ලබන අතර මෙම දුම්රිය එන්ජින් සහ දුම්රිය කට්ටල ලබා දීමේ කොන්ත්‍රාත්තුව ඉන්දීය දුම්රිය දෙපාර්තුමේන්තුවට අනුබද්ධ ‘රයිට්ස් ; ආයතනය මඟින් හිමිකරගෙන තිබේ.

2011 වසරේදී ශ්‍රී ලංකාව වෙනුවන් ප්‍රකාශයට පත් ඉන්දීයණය ප්‍රතිපාදනයක් ඇසුරෙන් මෙම ආනයනය සිදුකරනු ලබන අතර අදාල නිෂ්පාදන ඉදිරි දෙවසර තුල දී ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බවද සදහන් වේ.

කෙසේ වෙතත් මීට පෙර ඉන්දියාවෙන් ආනයනය කළ දුම්රිය කට්ටල ප්‍රමිතියෙන් ඉතාම බාල ඒවා බවත්, ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ගවලට ඒවා නොගැළපෙන බවත් සදහන් කරමින් දුම්රිය වෘත්තීය සමිති මෙම ගනුදෙනුවට දැඩි විරෝධය පලකර තිබිණි. එසේ වුවත් අදාළ ගනුදෙනුව සදහා පසුගිය 2015 වසරේ දෙසැම්බර් මසදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.

මූලාශ්‍රය

 

Related posts

කංජිපානී ඉම්රාන් මාස තුනක් රඳවා ප්‍රශ්ණ කිරිමට අධිකරණයෙන් අවසර

colombotoday

ටෝකන් එකට එන්නත දෙන්න හැදූ මොරටුව නගරාධිපති පොලීසියට භාරවෙයි

colombotoday

වසර තුනහමාරටකට පසුව වැඩිම සංචාරකයන්ගේ පැමිණීම නොවැම්බරයේ

Admin

20න් රට ආපස්සට යන්න දෙන්න බෑ.. ඡන්ද විමසීමේදී තීන්දුවක් ගන්නවා – ඇමති විදුර

colombotoday

ඉන්ධන පිරවුම්හලේ සේවකයෙකුට පහරදී රෝහල් යැවූ 5ක් අත්අඩංගුවේ

Admin

ගොඩ යන්නනම් එජාපයට ප්‍රබල සැත්කමක් කලයුතුයි – රවී කරුණානායක

colombotoday