අරනායක සිදුවුණු විශාල නාය යාම් දෙකකින් පුද්ගලයන් 150 කට වඩා ප්රමාණයක් මියගොස් ඇති බවට අනුමාන කෙරෙනවා. එයින් දැනට සොයාගැනීමට හැකියාව ලැබී ඇත්තේ සිරුරු 17ක් පමණයි. දිගින් දිගටම සිදුවන නාය යාම් සහ අයහපත් කාලගුණය හේතුවෙන් සහන සේවා කටයුතු සිදු කිරීම ඉතාමත් අපහසු තත්වයක පවතින අතර මේජර් ජෙනරාල් සුදත්ත රණසිංහ මහතාගේ අණදීම යටතේ ශ්රී ලංකා හමුදාව සහන කටයුතු සදහා දැඩි පරිශ්රමයක් ගනිමින් සිටිනවා.
previous post