Colombo Today Local News

මෑන් පවර් සේවක සංගමයේ උප සභාපති පැහැරගන ගොස් ඇත්තේ සුදු වෑන් රථයකින්

තම නිවස බලා ගමන් කරමින් සිටියදී අතුරුදන්ව අද අලූයම නැවත ඉංගිරිය පොලීසියට පැමිණි මෑන් පවර් සේවක සංගමයේ උප සභාපති එම්.එස්. මංගල, කළුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට ඉදිරිපත් කර තිබෙනවා.

ඒ, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පරික්ෂා කිරීම සඳහායි.

කොළඹ කොටුවේ සත්‍යග්‍රහයක නිරත වන අතරතුර අතුරුදන් වූ මෑන් පවර් සේවක සංගමයේ උප සභාපතිවරයා අද අළුයම ඉංගිරිය පොලිසියට පැමිණියේ, කිසියම් පිරිසක් තමන් වෑන් රථයකින් රැගෙනවිත් ඉංගිරිය – නම්බපානි ප්‍රදේශයේ දමාගිය බව සඳහන් කරමින්.

පසුගිය 28 වන සෙනසුරාදා කොටුවේ සත්‍යග්‍රහය අතරතුර නිවසට පැමිණෙන බව සඳහන් කළ සිය සැමියා අතුරුදන්ව ඇති බවට ඔහුගේ බිරිඳ පිලියන්දල පොලිසියට පැමිණිලි කර තිබුණා.

ඒ අනුව ඉංගිරිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සඳහා මෑන්පවර් සේවක සංගමයේ උප සභාපතිවරයා පිළියන්දල පොලීසිය වෙත රැගෙන ගියා.

ඔහු පොලීසියට පවසා ඇත්තේ පසුගිය සෙනසුරාදා කොළඹ කොටුවේ සිට පිලියන්දල – කොට්ටාව මාර්ගයේ පිහිටි සිය නිවසට පැමිණෙමින් සිටින අතරතුර මහරගමදී තමන් පැහැර ගැනීමකට ලක්වූ බවයි.

කළු පැහැති වෑන් රථයකින් පැමිණි තුන්දෙනෙකු සිය යතුරුපැදිය නවතා වෑන් රථයකින් රැගෙන ගිය බවත්, මුහුනු ආවරණය කර සිටි නිසා ඔවුන් හඳුනා නොගත් බවක් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

දින තුනක් තමන් පාළු කාමරයක රඳවා සිට වෘත්තිය සමිති කටයුතුවලින් ඉවත්වන ලෙසට පමණක් බලපෑම් සිදුකළ බවයි ඔහු මෙලෙස පිළියන්දල පොලිස් ස්ථානාධිපතිවරයා හමුවේ කියා සිටියේ.

මේ අතර පැහැරගැනීමට ලක්වූ මෑන් පවර් සේවක සංගමයේ උප සභාපති එම්.එස්. මංගලගේ යතුරුපැදිය, මුදල් පසුම්බිය සහ ජංගම දුරකථන දෙකක් පන්නිපිටිය – රත්මල්දෙණිය ප්‍රදේශයේ දමා ගොස් තිබියදී සොයාගෙන තිබුණා.

– Hiru News –

Related posts

බෝ නොවන රෝග වලින් ජනතාව ආරක්ෂා කරන්න විශේෂ අරක්කු බෝතලයක මිල වැඩි කළ යුතුයි

colombotoday

එජාප මන්ත්‍රී මන්සූර් සහරාන් ත්‍රස්තයාගේ බිරිදගේ සැප දුක බලන්න රෝහලට ඇවිත්.. හරවා යැවූ වෛද්‍ය අධිකාරීට ස්ථාන මාරුවක්

colombotoday

අන්තරේ පා ගමනට පොලීසියෙන් ප්‍රහාර

Admin

විගණන වාර්තාවෙන් තහවුරු වූ රිෂාඩ් බදුර්දීන්ගේ විල්පත්තු මහා වනසංහාරය !

colombotoday

අතුරුදන් වූ තරුණයෙකු මිය ගිහින්

Admin

බන්ධනාගාර තුළට තහනම් භාණ්ඩ පැමිණීම සම්පූර්ණයෙන් නැවතීමට තවමත් නොහැකි වෙයි

colombotoday