නව අවුරුදු උදාවෙන් පසු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා යාපනේ සංචාරයක නිරතව සිටී. ජනපතිවරයා ඇතුළු පිරිස අද (17) පෙරවරුවේ ඓතිහාසික නාගදීප පුරාණ රජමහා විහාරය වැඳපුදා ගත්තේය.
නාගදීප විහාරය වැඳපුදා ගැනීමෙන් අනතුරුව ජනාධිපතිවරයා, ශ්රී නාග පූසන් අම්මාන් කෝවිලට ගොස් ආගමික වතාවත්වල නිරත වූහ.
මේ අතර වියට්නාමයේ සංචාරයක නිරතව සිටින අගමැති රනිල් වික්රමසිංහ මහතා, සංචාරය අතරමග නවතා නැවතත් හෙට දිවයිනට පැමිණීමට තීරණය කර තිබේ. ඒ මීතොටමුල්ල ගැටලුව හේතුවෙන් බවයි වාර්තාවන්නේ.