Colombo Today Local News

හොරොයින් පැකට් කල කතුන් 6ක් දැලේ

මෝදර,මෝදර උයන මහල් නිවාස සංකීර්ණයේ නිවසක් තුළ මහ පරිමාණයෙන් හොරොයින් මත්කුඩු පැකට් කරමින් සිටි කාන්තාවන් හය දෙනකු ඇතුලු සැකකරුවන් හත් දෙනකු රුපියල් ලක්ෂ 28 ට අධික වටිනා මත්කුඩු තොගයක් සමග පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරුවන් සතුව හොරොයින් පැකට් 1000 ක් පමණ සකස්කර තිබී ඇති අතර, ඒවායේ බර ග්‍රෑම් 188 ක් බවද පොලිසිය පවසයි.

මෙම නිවාස සංකීර්ණයේ පස් වැනි මහලේ නිවසක් තුළ පිරිසක් සංවිධානව ගතව මත්කුඩු පැකට් කරන බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත ලැබුණු තොරතුරු අනුව ඊයේ (22) සවස මෙම වැටලීම සිදුකර තිබේ.

තොටළග කුමාරි නැමැත්ති මත්කුඩු ජාවාරම්කාරියකට අයත් මත්කුඩු මොවුන් මුදල පැකට් කර ඇති බවත්, දැඩි ආරක්ෂක රැකවල් මැද මොවුන් මෙම මත්කුඩු පැකට් කිරීම සිදුකර ඇති බවද වාර්තාවේ.

අත්අඩංගුවටගත් කාන්තාවන් අවුරුදු 37ත් 53ත් අතර වයස්වල පසුවන දෙමටගොඩ, මෝදර, වැල්ලම්පිටිය, ග්‍රෑන්පාස් ප්‍රදේශවල පදිංචිකරුවන් බවද වැඩි දුරටත් වාර්තාවේ.

Related posts

ලංකාව පරදා කුසලානය බංගලියෝ උස්සයි….

colombotoday

අතුරු සම්මත ගිණුම හෙට පාර්ලිමේන්තුවට…

colombotoday

‘ඒකීයභාවය අහෝසි කිරීමට එකගවුණා.. අපි ඉල්ලන ෆෙඩරල් ක්‍රමය ගැන දැන්ම හෙළිකරන්නෑ‘ – TNA

colombotoday

එන පිළිවෙල අනුව පාස්පෝට්

Admin

නව ජනමාධ්‍ය ඇමති වැඩ භාර ගනී

colombotoday

2011 ක්‍රිකට් තරග පවාදීමේ චෝදනාව: කුමාර් සංගක්කාරට කැඳවීමක්

colombotoday