සෞඛ්‍ය වෘත්තිය සමිති 17 ක් ආරම්භ කළ වැඩ වර්ජනය අදත් ක්‍රියාත්මකයි.
සෞඛ්‍ය වෘත්තිය වේදින්ගේ සම්මේලනයේ කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා සඳහන් කරන්නේ, දිවයිනේ රෝහල් 10 ක හැර සෙසු සියලු රෝහල්වල වැඩ වර්ජනය ක්‍රියාත්මක බවයි.
ඊයේ උදෑසන 8 ට ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් රජයේ රෝහල්වල ඖෂධ නිකුත් කිරීම, රසායනාගාර පරීක්ෂණ, විකිරණ පරික්ෂණ, වාට්ටු සහ ඒකක තුළ රෝගී සහ සත්කාර සේවා අඩාල විය.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ද සේවාවලින් ඉවත්වූ අතර පවුල් සෞඛ්‍ය සේවිකාවන්ද සිය දෛනික රාජකාරිවලින් ඉවත්ව සිටී.
රෝහල් කටයුතු අඩාල විමෙන් ඊයේ දිනයේ ජනතාව දැඩි පිඩාවට පත්විය.