Colombo Today Local News

තිදරු මවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කරලා

ඇල්පිටිය පිටිගල වෑයිහේන ඈපා මාවතේදී තිදරු මවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇතැයි පිටිගල පොලිසිය පවසයි.

මෙසේ පහර කෑමෙන් මියගොස් ඇත්තේ වෑයිහේන ඈපා මාවතේ චන්ද්‍රාදුර නන්දනී මල්කාන්ති නැමැති 46 හැවිරිදි කාන්තාවක් බව පොලිසිය කියයි.

මියගිය කාන්තාවගේ පුතුන් දෙදෙනෙකුද මෙම ගැටුමෙන් තුවාල ලබා ඇල්පිටිය මූලික රෝහලට ඇතුලත් කර ඇති බවද පොලිසිය පවසයි.

මෙම පිරිස කුරුඳුතලා ඊයේ (2)දින ඒවා අලෙවි කර පසුව මත්පැන් බී ඇති බවත් ඉන්පසුව බීමත්ව සිටි දෙපිරිසක් අතර ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් පසු ගැටුම හටගෙන ඇතැයි අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි.

ආරවුල විසදීමට පහරකෑමට ලක්වූ තරුණයන් දෙදෙනාගේ මව ගිය විට පළමු පාර්ශවය විසින් ඇයට තියුණු ආයුධයකින් ගෙලට පහරදීමෙන් ඇය එතනම මියගොස් ඇති බවත් පොලිසිය පවසයි.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ප්‍රදේශයෙන් පළාගොස් ඇති බැවින් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත. ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වයි.එල්.ලීලවංශ මහතාගේ උපදෙස් පරිදි පිටිගල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේෂ් කරුණාරත්න මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

සහල් මාෆියාවේ මහමොළකරු වසන්ත සමරසිංහයි

Admin

ගැටුම් අතර සුඩානයේ තවත් ශ්‍රී ලාංකිකයින් 40ක්

Admin

උතුරේ දිස්ත්‍රික්ක 05 තුළ ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ

colombotoday

නිව් ඩයමන්ඞ් නෞකාවේ කපිතාන්ට එරෙහිව නීතිපති අධිචෝදනා ගොණු කරයි

colombotoday

නිවසට ආ කොල්ලමරුවෝ ගෙහිමියා ව ඝාතනය කරලා

colombotoday

බුද්ධචීවරය ඉදිරියට දාගෙන ඒකාබද්ධය කළේ කැත වැඩක්.. රංජන්, ෆොන්සේකාගේ වැඩත් කැතයි

colombotoday