Colombo Today Local News

මීතොටමුල්ලේ මරණ 19 දක්වා ඉහළ යයි.. සාගලට, මරික්කාර්ට විරෝධය

මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමෙන් මේ වන විට පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා පවසයි. විපතට පත්වූවන් සොයා ත්‍රිවිධ හමුදාව අඛණ්ඩව මෙහෙයුම්වල නිරතව සිටී.

මේ අතර මීතොටමුල්ල කුණු කන්ද කඩාවැටීමෙන් විපතට පත් වූවන්ගේ සුවදුක් බැලීමට ඇමති සාගල රත්නායක හා මන්ත‍්‍රී මරික්කාර් ගිය අවස්ථාවේ එහි සිටි ජනතාව ‘හූ’ කියමින් විරෝදය පල කලහ.

ජනතාවට ඇමතිවරයාට කියා සිටියේ මැරුනට පස්සෙ බලන්න ඒමෙන් වැඩක් නැති බවයි.

මෙම ගමන සදහා නීතිය හා සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් සහ පොලිස්පති පූජිත ජයසුන්දර සහභාගී විය.

විශේෂයෙන්ම සාගල රත්නායක අමාත්‍යවරයා පැවසූවේ අගැමැතිතුමා විපතට පත් ජනතාවට කඩිනමින් සහන ලබා දීමට කටයුතු කරන ලෙසට අගමැති තුමා උපදෙස් ලබා දුන් බවයි.

Related posts

මෝහිණී ඇල්ල අසල ප්‍රධාන මාර්ගයට ගල් කඩා වැටෙයි

colombotoday

ජනපති සර්ව පාර්ශ්වික සමුළුවක් කැඳවයි – ජාජබ සමුළුවට සහභාගී වෙන්නේ නැහැ

Admin

ලොකු ලූනු කිලෝවකට රු.100ක සහතික මිලක්

colombotoday

ආගමන විගමන දෙපාර්තුමේන්තුවෙන් නිවේදනයක්

colombotoday

දකුණේ වාහන බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවත්වයි

colombotoday

එංගලන්තයේ සිටි ලාංකිකයින් 278 දෙනෙකු දිවයිනට

colombotoday