Colombo Today Local News

පොලිස්පති නීතිය නැමුවේ සාගලගේ උවමනාවට ?

pujitha-sagalaනිලමේ නමැත්තකු නියත වශයෙන්ම අත්අඩංගුවට නොගන්නා බවත් තමාට නොදන්වා ඔහු අත්අඩංගුවට නොගන්නා ලෙස පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂකට නියෝග කළ බවත් කියමින් රත්නපුරයේ දී  පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා දුන් දුරකථන ඇමැතුමක් අද (1) පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කැරිණි.

රත්නපුරදී පසුගිය 30 වැනිදා පැවැති පොලිස් සැමරුම් උත්සවයකදී පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සිය කථාව පවත්වමින් සිටියදී හදිසි ඇමතුමක් ලැබුණේය. සභාව අමතමින් සිටියදී පැමිණි දුරකථන ඇමතුමක් සම්බන්ධයෙන් වෙබ් අඩවි හා සමාජ ජාලවල දැඩි කථාබහක් මතුවී තිබිණි.

පොලිස්පතිවරයාට ඉහළ පුද්ගලයකුගෙන් ලැබෙන එම දුරකථන ඇමතුමට ඔහු වේදිකාවේ සිටම මාධ්‍ය ආයතනවල මෛක්‍රෆෝන ඉදිරිපිටදී  පිළිතුරු සපයන අතර ඒ හේතුවෙන් ඔහුගේ ඇමතුම බොහෝ පිරිසකට ශ්‍රවණය කළ හැකි විය.

නිලමේ නමැත්තකු අත්අඩංගුවට ගැනීමක් සම්බන්ධයෙන් ඇමතුම ලැබෙන බව ඔහුගේ ප්‍රතිචාරවලින් පැහැදිලිවේ. නිලමේ අත්අඩංගුවට නොගන්නා බවට පොලිස්පතිවරයා සහතික වෙයි. තමාට නොදන්වා ඔහු අත්අඩංගුවට නොගන්නා ලෙස එෆ්සීඅයිඩියට දන්වා ඇතැයිද පොලිස්පති දුරකථනයට පිළිතුරු දෙමින් කියයි.

ඔහු ඉංග්‍රීසි බසින් හා සිංහල බසින් දුරකථනයට පිළිතුරු දුන්නේ මෙසේය.

‘ඔව්… ආ දෙන්න.‘

‘හෙලෝ… ගුඩ් මෝර්නිං සර්. ඉස් දැට් අ අර්ජන්ට් මැටර් සර්. අයි විල් කෝල් ඉට්. යර්ස්. අයි වෝන්ටඩ්  ඩිරෙක්ටර් එෆ්සීඅයිඩී ටු චෙක් ඔන් දැට් ඇන්ඩ් කම් බැක්ටු මී. බට් යෙස්ටර්ඩේ අයි වෝස් ලේට්.‘

‘මට ඒක හම්බවෙනවා සර්. ඒක හින්දා මම ඒ විස්තර ටිකත් අරගෙන අයි විල් කම් බැක්ටු යූ සර්.‘

‘දැට් ඉස් නිලමේස් මැටර්. එන්න කියලා තියෙනවා. අනිවාර්යයෙන්ම සර් ඇරෙස්ට් වෙන්නේ නෑ. මම ඒක පැහැදිලිව කිව්වා ඩිරෙක්ටර්ට. මගෙන් අහලා අවසරයක් නැතිව මිසක් නිකරුනේ ඇරෙස්ට් කරන්න එපා. දැට් ඉස් පර්ෆෙක්ට්. ඉට් ඉස් ඩෙෆිනීට්ලි සර්. යූ වොන්ට් බී ඇරෙස්ට්. නෑ නෑ එහෙම නෑ. මම ඒක අහලා බැලුවා ඉස්සෙල්ලා. ඉට් හැස් ටු බී වෙරි රීසනබල් නෝ සර්. රයිට් සර් අයිල් කම් බැක් ටු යූ සර්‘

පොලිස්පතිට මේ ඇමතුම ලබාදෙන්නේ නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක බවට වාර්තා වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අද පාර්ලිමේන්තුවේ දී පැවසීය. මෙම ඇමතුම දුන්නේ සාගල රත්නායක නොවේ නම් ඔහු ඒ බව පාර්ලිමේන්තුවට දැනුම් දිය යුතු බවද අනුර කුමාර දිසානායක මහතා කීය.

Related posts

රටේ වැසියන් ණයකාරයන් කර ඇති රටක මොන නිදහස් උත්සවද? නිදහස් දින උත්සවය මහින්ද අමරවීර වර්ජනය කරයි

colombotoday

ලංකාවේ අමතර විදුලිය අපනයනය කරන්න සාකච්ඡා කලා

Admin

භාණ්ඩ ආනයනයට පනවා ඇති සීමා ඉවත් කරන්නැයි යුරෝපා සංගමයෙන් ඉල්ලීමක්

colombotoday

මහලේකම් ධුරයෙන් දයාසිරි නෙරපයි

Admin

එලිසබෙත් රැජණගේ 92 සමරන්න ජනපති මෛත්‍රීටත් ඇරයුම්…

colombotoday

ඝනපූර්ණය නැතිව පාර්ලිමේන්තුවේ කටයුතු නවතී

Admin