Colombo Today Local News

දොස්තරගේ මෝටර් රථයට යට වී 20හැවරිදි තරුණයෙක් මරුට. මාස 4ක බිළිදුන් දෙදෙනෙකුත් රෝහලේ

මහනුවර රන්දෙණිගල රජ මාවතේ ගුරුදෙණිය ප්‍රදේශයේදී අද (22)දින මහනුවර මහ රෝහලේ වෛද්‍යවරයෙකු පැදවූ කාර් රථයක් යතුරුපැදියක හා ත්‍රි රෝද රථයක ගැටීමෙන් සිදුවූ මාරක අනතුරකින් යතුරුපැදිකරු මියගොස් ඇති අතර යතුරු පැදියේ පසුපස ගමන්ගත් කාන්තාවක හා ත්‍රි රෝද රථයේ ගමන්ගත් මව පියා හා මාස හතරක් වයසැති බිළිදුන් දෙදෙනෙකු තුවාල ලබා මහනුවර මහ රෝහලට ඇතුළත් කර ඇති බව තලාතුඔය පොලිසිය පවසයි.

අනතුරින් තුවාල ලැබූ බිළිදුන් දෙදෙනා මාස හතරක් වයසැති නිවුන් සහෝදරයින් දෙදෙනෙකු වේ. මොවුන් වත්තගෙම සිට හගුරන්කෙත ප්‍රදේශයේ තම බිරියගේ නිවසට ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය කියයි.

මියගොස් ඇත්තේ කොළඹිස්ස නවනැලිය ප්‍රදේශයේ පදිංචි ප්‍රසාද් මධුෂංක ගුණසිංහ (20) නැමැති ඇගලුම් සේවකයෙකි. ඔහු සමග පසුපස ගමන් ගත් කාන්තාව ද ඇගලුම් කම්හලක සේවයේ නියුතු අය බව පොලිසිය පවසයි.

මිය ගිය අයගේ මෘත ශරීරය මහනුවර මහරෝහලේ මෘත ශරීරාගාරයේ ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය හෙට (23) දින සිදුකිරීමට නියමිතය.

කාර් රථය පැදවූ වෛද්‍යවරයා මහනුවර මයිලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහුද තුවාල ලබා මහනුවර මහ රෝහලට ඇතුලත් කර ඇති බව පොලිසිය කියයි.

තලාතුඔය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කෝකිල ආරියදාස මහතාගේ උපදෙස් මත තලාතුඔය පොලීසියේ නිලධාරිහු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදුකරති.

Related posts

සුළු ආගමිකයින් සහ ඔවුන්ගේ පූජනීය ස්ථාන ආරක්ෂා කරනු – ඇමරිකාව ශ්‍රීලංකා රජයට දන්වයි

colombotoday

කෙටි නිහැඩියාවකට පසු බොදු බලේ අද යලිත් වැඩ අල්ලයි

colombotoday

රනිල් අගමැති කිරීමට බහුතරයට හරි – කථානායක ජනපතිට දන්වයි

colombotoday

29ට ප්‍රථම නිල නිවාස බාර නොදුන්නොත් නඩු

Admin

අධිකරණයට අපහාස කිරීම: රංජන්ට එරෙහි තවත් නඩුවක් විභාගයට

colombotoday

යුද්ධ හමුදා ගිලන් රථයක් වෑන් රථයක ගැටී පාසල් ළමුන් 3ක් ඇතුළු 6ක් රෝහලේ

Admin