Colombo Today Local News

නෙවිල්ගේ රෝහල රජයට.. SAITM සිසුන් රජයේ රෝහලට – රජයේ ස්ථාවරය මෙන්න

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට පවරා ගැනීමට අවශ්‍ය කටයුතු ආරම්භ කරන බවත්, වෛද්‍ය පුහුණු ලත් SAITM සිසුන් සායනික පුහුණුව සදහා රජයේ රෝහල්වල අවසර ලබා දෙන බවත් මහා මාර්ග හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳව රජයේ ස්ථාවරය පැහැදිලි කරමින් උසස් අධ්‍යාපන අමාත්‍යංශය විසින් මීට සුළු වේලාවකට පෙර මෙම නිවේදනය නිකුත් කෙරිණි.

සයිටම් වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් පහත සඳහන් තීරණද ක්‍රියාත්මක කිරීමට නියමිතය.

  • වෛද්‍ය උපාධියට අදාළ අවසන් පරීක්ෂණය සමත් සයිටම් ශිෂ්‍යයන් හට හෝමාගම හා අවිස්සාවේල්ල රෝහල්වල ශල්‍යකර්ම, වෛද්‍ය විද්‍යාව, නාරිවේදය හා ප්‍රසව විද්‍යාව සහ බාලක විද්‍යාව පිළිබඳ මාසය බැගින් වූ වැඩිදුර සායනික පුහුණුවක් ලබාදෙනු ඇත.
  • මෙම පුහුණුවෙන් පසු ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ඒකාබද්ධ අධීක්ෂණය යටතේ පවත්වනු ලබන පරීක්ෂණයකට මුහුණ දෙනු ඇත.
  • නීතිපතිවරයාගේ අනුමැතිය සහිතව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ඉදිරිපත් කරනු ලබන ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය සඳහා වූ අවම ප්‍රමිතීන් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ගැසට් නිවේදනය කරනු ඇත.
  • නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල සෞඛ්‍ය අමාත්‍යංශය යටතට ගැනීමට අවශ්‍ය කටයුතු සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කරනු ඇති අතර එය අඛණ්ඩව ශික්ෂණ රෝහලක් වශයෙන් පවත්වා ගෙන යනු ඇත.

Related posts

වීසා ඔන් ඇරයිවල් පහසුකම අත්හිටුවෙයි

colombotoday

තෙල් මිල අඩු කරත් ත්‍රීවීල් ගාස්තුවේ අඩු වීමක් නෑ

Admin

සාලාවේ කුඹුරු වැඩට හමුදාව එයි (PHOTO)

colombotoday

හඳ වටේ තිබූ අමුතු රැස් වළල්ල භයානක අනාගත පෙරනිමිත්තක්ලු

colombotoday

මහබැංකුවට “කැහි ගෑනි දීල හොටු ගෑනි ගත්ත වගේ” කොටි සබදකම් නැති සුදුස්සෙක් ආණ්ඩුවට නැද්ද!

colombotoday

“පාඩු ලබන රාජ්‍ය ආයතන විකුණනවා“ – ඇමති ඉරාන්

colombotoday