කොළඹ ප්‍රදේශ රැසකට මාර්තු 05 වැනි සෙනසුරාදා රාත්‍රි 8.00 සිට පසුදින පෙරවරු 10.00 දක්වා පැය 14 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව එම කාල සීමාව තුල කොළඹ 07 , 08, 10 , 12 , 13 , 14 සහ 15 ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.
කොළඹ 02 , 03 සහ 11 ප්‍රදේශ වලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් ජල සැපයුම අත්හිටුවීමට හේතුවයි.