Business

ඩොලරය රුපියල් 285 ට යයි

එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල මේ වන විට රු. 285 දක්වා වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

මෙරට බලපත්‍රලාභී බැංකු ගණනාවක් විසින්ම අද (21) දිනය තුළ සිය දෛනික විනිමය අනුපාතික සටහන් ප්‍රකාශයට පත් කිරීමේ දී ඩොලරයක විකුණුම් මිල රු. 280 සිට රු. 285 දක්වා මිල ගණන්වල සටහන් කර ඇති බව නිරීක්ෂණය කළ හැකිය.

මෙරට බලපත්‍රලාභී බැංකු කිහිපයක් විසින් ඩොලරයක විකුණුම් මිල අද (21) දිනය තුළ දක්වා තිබූ ආකාරය පහත දැක්වේ.

  • ලංකා බැංකුව – රු. 280.00
  • මහජන බැංකුව – රු. 279.99
  • කොමර්ෂල් බැංකුව – රු. 280.00
  • සම්පත් බැංකුව – රු. 285.00
  • සෙලාන් බැංකුව – රු. 285.00
  • HNB – රු. 280.00
  • NTB – රු. 280.00
  • DFCC – රු. 280.00

Related posts

අගෝස්තු 20 වැනිදා ශ්‍රී ලංකාව රුපියල් බිලියන 29 ක් මුද්‍රණය කරලා.

colombotoday

ශ්‍රී ලාංකිකයකුගේ ණය ලක්ෂ 4 ඉක්මවයි

colombotoday

කොටස් වෙළඳපොළට ආයෝජකයන් ගෙන්න රවී ලන්ඩන් යයි.

colombotoday

ඇමරිකන් බඩු වලට ගහන බදු කපන සැලසුමක්?

Admin

ඩොලරය 176 ත් පනී

colombotoday

හදිසි තත්ත්වයන්ට මුහුණ දීමට තවත් ප්‍රධාන වාණිජ නගරයක්

colombotoday