පාර්ලිමේන්තුව් සභානායක කාර්යාලයේ නඩත්තු කටයුතු සදහා 2016 වසරේදී රුපියල් තුන්කෝටි හැට තුන් ලක්ෂයක් වියදම් කර ඇතැයි අනාවරණය වී තිබේ.
සභානායක කාර්යාලයේ පසුගිය වසරේ කාර්යසාධන වාර්තාව සභානායක ලක්ෂමන් කිරිඇල්ල මහතා විසින් පෙරේදා (04) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, පෞද්ගලික පඩි, මුළු පුනරාවර්තන වියකම්, මූලධන වියදම් හා වෙනත් ශීර්ෂ යටතේ එම වියදම් දරා තිබේ.
සභානායක ලේකම්වරයාගේ සහයට සිටින අතිරේක ලේකම්වරයෙකු ඇතුලු 28 දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් සභානායක කාර්යාලයේ සේවය කරති.
2016 වසර සදහා පෞද්ගලික පඩිනඩි ගෙවීමට රුපියල් 23.800.000 ක් සැලසුම් කර තිබුණද, රුපියල් 25.900.000ක් වැයවී ඇතැයි ද එම වාර්තාවේ සදහන් වේ.