ජපානයෙන් ශ්රී ලංකාවට ආනයනය කරන රථ වාහන වල මිල ඉහළ යෑමට නියමිත බව වාර්තා වෙයි.
ජපාන යෙන් මුදලට සාපෙක්ෂව රුපියල කඩා වැටීම හේතුවෙනුයි මෙලෙස මෙරට වෙළදපොලේ ජපන් වාහන මිල ඉහළ ගොස් තිබෙන්නේ.
දැනට ආනයනය කර ඇති වාහනවල මිල මෙයින් ඉහළ නොයන බව පැවසෙන අතර, ඉදිරියේදී ආනයනය කිරීමට නියමිත මිලියන පහක වාහනයක් අවම වශයෙන් ලක්ෂ දෙකකින් පමණ ඉහළ යනු ඇතැයි පැවසෙයි.