Colombo Today Local News

කොවිඩ් සුව වූ ළමයින් ගොදුරු වන බහු ඉන්ද්‍රීය ආසාදන රෝගීන් ඉහළට

කොවිඩ් ආසාදිත වී සුව වූ ළමයින්ට ඇතිවන බහු ඉන්ද්‍රීය ආසාදන රෝගය (Multi system inflammatory syndrome) මෙරට වැඩි වශයෙන් වාර්තා වන බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

කොවිඩ් ආසාදිත වී සති දෙකකට පසුව ඇතැම් ළමයින් මෙම රෝග තත්ත්වයට ගොදුරු වන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කළේය.

මේ වනවිට මෙම රෝග තත්ත්වයට ගොදුරු වූ ළමුන් දිවයිනේ බොහෝ රෝහල්වලින් වාර්තා වන අතර දැනට ළමුන් තිස්පහකට වැඩි ප්‍රමාණයක් ඒ සඳහා ප්‍රතිකාර ලබාගෙන ඇත.

උණ ඇතිවීමෙන් මෙම රෝගය හටගන්නා අතර ඇස් රතුවීම, දිව රතුවීම, සමෙහි රතු ලප ඇති වීම, වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරනු ලබයි. එසේම මෙම රෝගයෙන් මොළයට බලපෑම් ඇති කළ හැකි බවත් අක්මාවට වකුගඩුවලට සහ හෘදය වස්තුවට බලපෑම් එල්ල කළ හැකිය. එය භයානක තත්ත්වයක් බව ද හෙතෙම කියා සිටියේය.

විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කළේ මෙම රෝග තත්ත්වය ළමුන්ගෙන් හඳුනා ගත්තද මේ වනවිට කොවිඩ් ආසාදිත වී සුව වූ වැඩිහිටියන්ගෙන් ද මෙම රෝගය වාර්තා වන බවය.

Related posts

සයිටම් තීන්දුව ක්‍රියාත්මක නොකළොත් වෛද්‍ය සභාවට හිරේ යන්න වෙයි – රාජිත

colombotoday

තවුහිද් ජමාත් සංවිධානයේ න්‍යායාචාර්යවරයා ලෙස නවුෆර් මවුලවි කටයුතුකර ඇති බවට හෙළිදරවුවක්

colombotoday

රටපුරාම පොහොර හිඟයි ආණ්‌ඩුව නිහඬයි

colombotoday

රොෂාන් රණසිංහ ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත් වේ !

colombotoday

ලෝක මාධ්‍ය නිදහස් දිනය නිමිත්තෙන් අගමැතිගෙන් නිවේදනයක්

colombotoday

එක්නැලිගොඩ නඩුවට සැකපිට තවත් රණශුර හමුදා බුද්ධි අංශ විරුවෙක් අත්අඩංගුවට

colombotoday