Colombo Today Local News

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුදාවේ තවත් ඉහළට

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකා යුද හමුදාවේ 28 වන විධායක ජෙනරාල්වරයා ලෙස පත්කර තිබේ.

යුද හමුදා විධායක ජෙනරාල් කාර්යාලයේදී බ්‍රහස්පතින්දා (30) ඔහු වැඩ භාර ගත්තේය.

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වන්නි මානුෂීය මෙහෙයුමේදී 58 වන සේනාංකාධිපතිවරයා ලෙස යුද ජයග්‍රහණය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කළේය.

මේ අතර ශ්‍රී ලංකා යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානි ලෙස මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක පත්කළ බව යුද හමුදාව පවසයි.

අවසන් වරට යාපනය යුද හමුදා ආඥාපතිවරයා ලෙස රාජකාරි කළ සේනානායක මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ 50 වන මාණ්ඩලික ප්‍රධානියා වෙයි.

Related posts

“ඕනෑම පරිත්‍යාගයක් කිරීමට සූදානම්“ සිර කුටියේ උපවාසය ගැන විමල් කතානායකට ලියූ ලිපිය

colombotoday

පොළොන්නරුව – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය සීමා කරයි

Admin

මාසෙකට ලක්ෂ 24ක් ලාබ ලැබූ වඩේ බිස්නස් එක වැහුනේ ගෝඨා නිසා – නිරෝෂන්

colombotoday

අලුත් දීගයක සාකච්ඡා සාර්ථකයි

colombotoday

මහ බැංකුවට කොටි ගහල අවුරුදු 22යි.. අලි ගහල අවුරුදු 3 යි – දයාසිරි එජාපය පතුරු අරී

colombotoday

‘රාජා භවතු ධම්මිකෝ’ ලංකාවට අවශ්‍ය මහින්ද වගේ නායකයෙක් – කුබෝ විහාරාධිපති හිමියෝ කියයි

colombotoday