Colombo Today Local News

එක්සත් අරාබියේ පැවති ජාත්‍යන්තර විශේෂ අවි හා උපක‍්‍රම තරගාවලියට මෙරටින් එස්.ටී.එෆ්. කණ්ඩායම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති ජාත්‍යන්තර විශේෂ අවි හා උපක‍්‍රම කණ්ඩායම් අතර තරගාවලිය (Global SWAT Challange) සඳහා ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් පොලිස් විශේෂ කාර්ය බළකායේ විසිදෙනකුගෙන් යුත් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබේ. ශ‍්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බළකායේ සහකාර පොලිස් අධිකාරී කේෂර රත්නවීරගේ නායකත්වයෙන් යුත් විශේෂ අවි සහ උපක‍්‍රම (SWAT) කණ්ඩායමද මෙම තරගාවලිය සඳහා සහභාගි විය.

තුන්වැනි වරටත් පැවති ජාත්‍යන්තර විශේෂ අවි හා උපක‍්‍රම කණ්ඩායම් අතර තරගාවලිය (Global SWAT Challange) පසුගිය 15 වැනිදා එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්විණි.

ජාත්‍යන්තර විශේෂ අවි හා උපක‍්‍රම කණ්ඩායම් අතර අභියෝගතා තරගාවලියේදී බටහිර රටවල් නියෝජනය කළ පොලිස් (SWAT) ඒකකද අභිබවා අබුඩාබි පොලිසිය පළමු ස්ථානයට පත්වී ඇත.

තරගාවලිය නැරැඹීමට ශ‍්‍රී ලංකා මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතාට ඩුබායි පොලිසියේ ප‍්‍රධානී ලූතිනන් ජෙනරාල් අබ්දුල්ලා අල් මාරි විසින් ආරාධනා කරන ලද අතර ලෝක පොලිස් සමුළුවට එක්වීමෙන් අනතුරුව මහජන ආරක්ෂක අමාත්‍යවරයා මෙම තරගාවලිය සඳහා සහභාගි විය.

විශේෂ කාර්ය බළකායේ අවි හා උපක‍්‍රම කණ්ඩායම අමතමින් අමාත්‍ය වීරසේකර මහතා ප‍්‍රකාශ කළේ ත‍්‍රස්තවාදයට සහ අපරාධවලට එරෙහිව සටන් කිරීමේදී පොලිස් විශේෂ කාර්ය බළකාය ශී‍්‍ර ලංකාව තුළ අද්විතීය කාර්යභාරයක් ඉටුකර ඇති බවයි.

ලොව ප‍්‍රබල සටන්කාමී පොලිස් ඒකක සමඟ එක්ව ශ‍්‍රී ලංකාව නියෝජනය කළ පොලිස් විශේෂ කාර්ය බළකායේ විශේෂ අවි හා උපක‍්‍රම කණ්ඩායම දක්වන ලද සුවිශේෂී දක්ෂතාවන් ප‍්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම් දෙකට අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා ප‍්‍රශංසා කළේය.

Related posts

TNA මරාගෙන මැරෙන කොටි බෝම්බකරුවන් 25කගේ පවුල්වලට රජයේ ඉඩම් ඉල්ලයි

colombotoday

ෂැංග්‍රිලා බෝම්බකරුගේ පියා වන ජවිපෙ ජාතික ලැයිස්තු මන්ත්‍රී අපේක්ෂක ඊබ්‍රහිම් හාජ්ජියාර් යලි රිමාන්ඩ්

colombotoday

අඩු ආදායම්ලාභීන්ට රැකියා ලබා දෙන කමිටුවෙන් දේශපාලකයින් ඉවතට..! සියලූම පත්වීම් සුදුසුකම් මත

colombotoday

සිය වරක්‌ සිරගත කළත් ජාතික වගකීම අත්හරින්නේ නෑ – ගලගොඩඅත්තේ ඥනසාර හිමි

colombotoday

සියලුම පාසල්වල ජනපති රුව ප්‍රදර්ශනය කිරීමට නියෝග !

colombotoday

සේපාල් අමරසිංහ යලිත් රිමාන්ඩ්

Admin