Colombo Today Local News

පරිසර ලොක්කො ජනපති අන්දලා.. රුසියාවේදී අත්සන් කල විල්පත්තු ගැසට් එක අමු ප්‍රෝඩාවක් !

ජනපති මොස්කව් නුවරදී අස්සන් තැබූ ‘මාවිල්ලු සංරක්‍ෂණ වනාන්තරය, ගැසට් පත්‍රයෙන් විල්පත්තු වන විනාශය සම්බන්ධයෙන් උද්ඝෝෂණය කළ ජනතාවත් ජනාධිපතිවරයාත් නොමඟ…යැවීමට මහවැලි හා පරිසර අමත්‍යාංශය ක්‍රියා කර ඇති බව පැහැදිලි යැයි පරිසර සංරක්‍ෂණ භාරය පවසයි.

විල්පත්තුවේ සිදුවන වන විනාශයට ඉන් කිසිම පිහිටක් නොලැබෙන බවත් සිදුකර ඇත්තේ ‘වන රක්‍ෂිත’ යන්න ‘වන සංරක්‍ෂිත වනාන්තර’ යනුවෙන් කැටගරි වෙනස් කිරීම පමණක් බවද එම භාරයේ අධ්‍යක්‍ෂ සජීව චාමිකර මහතා පවසයි. පරිසර සංරක්‍ෂණ භාරයේ අධ්‍යක්‍ෂ සජීව චාමිකර මහතා: මේ නව ගැසට් පත්‍රයෙන් සිදුකර තිබෙන්නේ මාවිල්ලු, වෙප්පල්, කරඩිත්කුලි, මරිච්චකට්ටි, විලත්තිකුලම් හා පෙරියමුප්පු රක්‍ෂිත ඒකාබද්ධ කිරීම පමණයි.

මේක අරුම පුදුම දෙයක් නොවෙයි. මේවා තිබුණු රක්‍ෂිත වනාන්තර. මේ ගැසට් එකේ කිසිම වැදගත්කමක් නැහැ. මේ සිදුකර තිබෙන්නේ ජනතාව නොමඟ යැවීමක්. සමහර පරිසරවේදීන් පවා මේකට ඇන්දිලා. මේ කර තිබෙන්නේ සම්පූර්ණ බොරුවක්. මෙතන සිදුවී තිබෙන්නේ කැටගරි එකේ නම මාරු කිරීම පමණයි.

මේ වනාන්තර ‘වන රක්‍ෂිත’ කියලයි ගැසට් වෙලා තිබුණේ. දැන් ඒක ‘රක්‍ෂිත වනාන්තර’ කියලා ප්‍රකාශයට පත්කර තිබෙනවා. මේ දෙකම සමාන නීතිමය ආවරණයක්. පරිසර සංවිධාන පෙන්වා දුන්නෙත් ඉල්ලා සිටියෙත් ඕක නොවෙයි. වන සංරක්‍ෂණ සහ වෘක්‍ෂලතා ආඥාපනත යටතේ ජාතික වනෝද්‍යානයක් ලෙස විල්පත්තු වනෝද්‍යානය ඇතුළත් කරන්න කියන ඉල්ලීමයි අපි ඉදිරිපත් කළේ.

එහෙම නැතිව මේ වනාන්තර රකින වෙනත් විකල්පයක් නැහැ. ජාතික වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කළ පසු අදාළ සීමාවන්හි සිට සැතපුමක් දුර ආරක්‍ෂිත කලාපයක් වෙනවා. එවිට ජනාවාස හදන්න, කර්මාන්ත පුර හදන්න ඉඩ ලැබෙන්නේ නැහැ. හෝටල් හදන්න බැහැ. එහෙත් ජාතික සම්පත් ආරක්‍ෂා වෙනවා. මේ කළේ ජනතාව මතු කළ විරෝධය වළක්වන බොරුවක්. ජනාධිපති මේ ඇත්ත තත්ත්වය දන්නවාද කියන එකත් අපට සැකයි.

– මව්බිම

 

 

Related posts

රාජ්‍ය සේවකයෝ රටට බරක්.ලොසිංජර දෙන්න අවශ්‍ය නෑ – මුදල් ඇමතිගෙන් රාජ්‍ය සේවකයන්ට කනේ පහරක්

colombotoday

නගර සභා පරිශ්‍රය තුල බුර්කාව තහනම්, ඥානසාර හිමි කිවුව දේවල් 100%ක් ඇත්ත වෙලා – කුරුණෑගල නගරාධිපති කියයි

colombotoday

ඊයේ ගෑස් කාන්දුවීම් ආශ්‍රිත පිපිරීම් 21ක්.

colombotoday

2020 රටේ නායකත්වයට වැඩි කැමැත්ත ගෝඨාභයටයි.. කොළඹ විශ්වවිද්‍යාලයේ නවතම සමීකෂණය හෙළිකරයි

colombotoday

මහින්ද වෙනුවට කදිරගාමර් අගමැති කරන්න එදා මංගල සමග විමල් සිදුකල මෙහෙයුම

colombotoday

ශ්‍රී ලංකාවේ ගංවතුර විදෙස් මාධ්‍ය දැක්කේ මෙහෙමයි (Video)

colombotoday