Colombo Today Local NewsTop Stories

නගර සභා පරිශ්‍රය තුල බුර්කාව තහනම්, ඥානසාර හිමි කිවුව දේවල් 100%ක් ඇත්ත වෙලා – කුරුණෑගල නගරාධිපති කියයි

කුරුණෑගල මහ නගර සභා පරිශ්‍රය තුළ සම්පූර්ණයෙන් මුහුණ වැසෙන සේ මුස්ලිම් කාන්තාවන් භාවිතා කරන ඇඳුම් බුර්කා තහනම් කිරීමට ඒකමතිකව යෝජනා සම්මත වූ බව කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව මහතා colombo today සිදුකළ විමසීමකදී සඳහන් කර සිටියා.

රටේ පවතින වාතාවරණය සම්බන්ධයෙන් අද විශේෂ මහා සභා රැස්වීමක් කැඳවූ බවත් එහිදී නගරාධිපති වශයෙන් තමා නගරසභා පරිශ්‍රය තුළ බුර්කාව තහනම් කිරීමට යෝජනාවක් සිදු කළ බවත්, නගර සභාව නියෝජනය කරන මුස්ලිම් නාගරික මන්ත්‍රීවරු දෙදෙනාගේම කැමැත්ත ඇති ව, ඒකමතික එම යෝජනාව සම්මත වූ බවත් ඒ මහතා සඳහන් කර සිටියා.

ඥාණසාර ස්වාමීන් වහන්සේ කීව දේවල් සීයට සීයක් ඇත්ත වෙලා

සුගියදා සිදු වූ අන්තවාදී ප්‍රහාරය පිළිබඳව අන්තර්ජාල මාධ්‍ය තුළ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි පිළිබඳව සහ උන්වහන්සේ ගෙනගිය මතවාදය පිළිබඳ ව මෙහිදී අදහස් දැක්වූ නගරාධිපතිවරයා පුජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමි සිදුකළ අනුශාසනා සීයට සීයක් ඇත්ත බව අද ඔප්පු වී තිබෙන බවත් උන්වහන්සේගේ අනුශාසනා තමන් එදා සිටම පිළිගත් බවත් සඳහන් කර සිටියා.

ගෝඨා ජනාධිපති වනතුරු ඥානසාර හිමි නිදහස් නොකරාවි

ඥානසාර හිමි නිදහස් කරන මෙන් විවිධ පාර්ශව විසින් ජනාධිපතිවරයාගෙන් සිදු කරන ඉල්ලීම් පිළිබඳව colombo today නගරාධිපතිවරයා ගෙන් විමසූ අතර එහිදී ඔහු සඳහන් කර සිටියේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වන තුරු එවැන්නක් සිදුවේවියැයි යැයි තමන් විශ්වාස නොකරන බවයි.

Related posts

මම දැනන් හිටියෙත් නෑ මට ආපු දුරකථන ඇමතුම් ටික පාස්කු කොමිසම නිවැරදිව හොයා ගෙන තිබ්බා -හරීන් කියයි

colombotoday

අලුත්ගම නගරයේ තවත් වෙළඳසැල් පහක් වැසේ

colombotoday

අන්තර් කාලීන ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධූරය අනුරට

colombotoday

නඩු 1500 කට අධික ප්‍රමාණයක විත්තිකරුවන්ට ඇප

colombotoday

මහ කන්නයේ වගා හානි වූ ගොවීන්ට වන්දි ලබන සතියේ සිට

colombotoday

කොරෝනා බවට සැක රෝගීන් 29ක් රෝහල්වල !

colombotoday