Colombo Today Local News

“පොරොන්දු අකුරටම ඉටු කරනු“ ජිනීවා යෝජනාව ගැන ඩයස්පොරාව, TNA ප්‍රීතියෙන් පිනා යයි !

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම 2015 දී සම්මත කරගත් යෝජනාව පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව නැවත වරක් අවධාරණය කරමින් මේවර මානව හිමිකම් සැසියේදී සම්මත කරන ලද 34/L Iයෝජනාවට දෙමළ ජාතික සන්ධානය සාදරයෙන් පිළිගනු ලබන බව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ගෝලීය දෙමළ සංසදය ඇතුළු දෙමළ ඩයස්පොරා සංවිධානවලින්ද ඊට ප්‍රසාදය පලකර තිබේ.

34/L I යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජයට හා මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයට නිශ්චිත කාලයක් ලබාදීමත්, 30/1 යෝජනාව සාර්ථක ලෙස ක්‍රියාත්මක කර ඒ පිළිබඳ වාර්තාවක් පිළිවෙලින් 2018 දී හා 2019 දී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 37 වන හා 40 වන සැසිවාරයේදී ඉදිරිපත් කිරීමට නියම කිරීම පිළිබඳවත් දෙමළ ජාතික සන්ධානය තම ප්‍රසාදය පලකරන බව එමගින් සදහන් කර ඇත.

ශ්‍රී ලංකා රජය තම පොරොන්දු වලට ගරු කර ඒවා අකුරටම හා හරිවත් ලෙස ක්‍රියාත්මක කිරිමට කටයුතු කළ යුතු බවට එමගින් අවධාරණය කර ඇත.

එම පොරොන්දු ඉටුකරමින්, ඉඩම් නිදහස් කිරීමේ ගැටළුව, දෙමළ දේශපාලන සිරකරුවන් රඳවා තබා ගැනීම, අතුරුදහන් වූ පුද්ගලයින්ගේ පවුල්වල දුක්ගැනවිලි හා ව්‍යවස්ථාමය ප්‍රතිශෝධන කෙටුම්පත් කිරීම යන කරුණු පිළිබඳවත් අවංක ලෙස කටයුතු කරන ලෙස ද ද්‍රවිඩ සන්ධානය රජයෙන් ඉල්ලා ඇත.

 

Related posts

ලංකාව ඉදිරියේ තවත් සුළි සුළගක්.. හෙට සිට දැඩි සුළං, මහ වැසි.. අනතුරු ඇගවීම් නිකුත් කරයි !

colombotoday

උණ්ඩු තොගයක් සමඟ පාතාල ගෝලයෝ දෙන්නෙක් අල්ලයි

Admin

රහුමාන් ගේ පුරප්පාඩුවෙන් ෆවුසිට යළිත් පාර්ලිමේන්තු වරම්

Admin

මහනුවර කඩ සාප්පු අද වැසේ… දුම්රියත් වර්ජනයට සූදානම්…!!

colombotoday

සම්මුතිය අවසන්.. ශ්‍රීලනිප ඇමතිවරු 18ක් ආණ්ඩුවෙන් ඉවත් වෙන්න තීරණය කරයි !

colombotoday

පාස්කු ප්‍රහාරකයා සතුව තිබූ ගම්මිරිස් ඉඩම

colombotoday