Colombo Today Local News

IMF නියෝජිතයන් ජනපති හමුවෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් කිහිප දෙනෙක් අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියානු පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය චන්ග්යොන්ග් රී (Changyong Rhee), නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය ඈන්-මෙරී ගල්ඩ්-වුල්ෆ් (Anne-Marie Gulde-Wolf) සහ ශ්‍රී ලංකාව සහ මාලදිවයිනෙහි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නේවාසික නියෝජිත ආචාර්ය ටුබාගස් ෆෙරිඩානුසෙට්යාවන් (Tubagus Feridhanusetyawan) යන මහත්ම මහත්මීහු මෙම හමුවට එක්ව සිටියහ.

ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අතිරේක ලේකම් චන්දිමා වික්‍රමසිංහ යන මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසී ය.

Related posts

ටෙක්නිකල් හන්දිය අසල පොලිසිය සහ උද්ඝෝෂකයන් අතර උණුසුම් තත්ත්වයක්

Admin

2019 විශ්වවිද්‍යාල කඩයිම් ලකුණු නිකුත්වේ

colombotoday

හපුතලේ නව නගරාධිපති දිවුරුම් දෙයි

colombotoday

මාරාන්තික උපවාසයේ යෙදී සිටි ගොවීන් දෙදෙනෙක් රෝහලට

colombotoday

සියලු වාණිජ ගුවන් යානා සදහා ජනවාරි 22ක සිට ගුවන්තොටුපොළ විවෘත කිරීමේ තීරණයක්

colombotoday

රුපියල ඓතිහාසික වාර්තාවක් තබයි…

colombotoday