Colombo Today Local News

ජනපතිගේ, අගමැතිගේ පුරාජේරු කුණු කූඩෙට.. අල් හුසේන් ලංකාවට විදෙස් විනිසුරන් එවයි !

ශ්‍රී ලංකාවේ සිදු වූ බවට චෝදනා එල්ල වී ඇති යුද අපරාධ පිළිබදව නඩු විභාග කිරීමට ජාත්‍යන්තර විනිසුරුවන්ගෙන් සමන්විත හයිබ්‍රිඩ් අධිකරණයක් ස්ථාපිත කිරීමට තමන් නිර්දේශ කරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන්, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ සිය වාර්තාව ඉදිරිපත් කරමින් ඊයේ ජිනීවාහීදී පැවසීය.

මානව හිමිකම් සැසිය ඇමතූ නියෝජ්‍ය විදේශ අමාත්‍ය හර්ෂ ද සිල්වා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කරන සාධනීය ස්ථාවරය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමසාරිස්වරයාට ස්තූතිය පලකලේය. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් 2015 මාර්තු මස ඉදිරිපත් වූ ඇමරිකානු ශ්‍රී ලංකා ඒකාබද්ධ යෝජනාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට තවත් වසර දෙකක කාලයක් ඉල්ල සිටින බවත් ඊට සහය දුන් සියළු රටවලට ස්තූතිය පලකරන බවත් නියෝජ්‍ය විදේශ ඇමතිවරයා සදහන් කළේය.

ශ්‍රී ලංකාවේ සිදුවන අධිකරණ ක්‍රියාවලියක් සදහා කිසිදු අවස්ථාවක විදේශ විනිසුරුවන් සහභාගී කර නොගන්නා බවට ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයාද කිහිප අවස්ථාවකදී අවධාරණය කර සිටියද, ජිනීවා මානව හිමිකම් කොමිසම එම ප්‍රකාශ පිලිබදව කිසිදු සැලකිල්ලක් දක්වා නැත.

ශ්‍රී ලංකාවේ සිදු වූයේ යැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ෂණය කිරීම සදහා ජාත්‍යන්තර විනිසුරුවන්ගේ සහභාගීත්වය සහිත හයිබ්‍රිඩ් අධිකරණයක් නිර්දේශ කෙරුණේ වත්මන් යහපාලන රජය සහ ඇමරිකාව ඒකාබද්ධව 2015 දී යෝජනා කර ජිනිවා මානව හිමිකම් කොමිසම විසින් සම්මත කළ යෝජනාවලියෙනි.

එම යෝජනාවලියේ අඩංගු හයිබ්‍රිඩ් අධිකරණ යෝජනාවට අදාල වගන්තිය අහෝසි කිරීමට කටයුතු කරන ලෙස දේශ හිතෛශී පාර්ශව විසින් ශ්‍රී ලංකා රජයට අවධාරණය කර තිබුණද, ඒ කිසිවක් සැලකිල්ලට නොගත් රජය සහ විදේශ ඇමති මංගල සමරවීර එම යෝජනාවලිය ක්‍රියාත්මක කිරීම සදහා තව වසර දෙකක් කල් ලබා දෙන ලෙස මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටියේය.

Related posts

පාසලක හදිසියේ අසනීප වූ සිසුන් 42ක් රෝහලට

colombotoday

ඡන්දය තියන්න විකල්ප ක‍්‍රම තිබියදීත් විපක්‍ෂය නාහෙන් අඬනවා – අගමැති කියයි

colombotoday

ආණ්ඩුවෙ ඉන්නවා ප්‍රභාකරන් ආණ්ඩු හැදුවත් ඒකට රිංගලා ඇමැති කටු අරන් ලෙව කකා ඉන්න පිරිසක් – පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස

colombotoday

අත්අඩංගුවට ගන්න හොයන ඥාණසාර හිමියන්ගෙන් රහසිගත තැනක සිට ලිපියක් !!

colombotoday

අපි ඉල්ලන්නෙත් නැතුව ලෝක බැංකුවෙන් සල්ලි දුන්නා

Admin

EPF, ETF, GRATUITY බද්ද අප්‍රේල් 01 වැනිදා සිට ක්‍රියාත්මකයි !!

colombotoday