Colombo Today Local News

රටවල් වලට පොල් පෙනන්න කෝටි 13 ක් වැය කරලා

පොල් සංවර්ධන අධිකාරිය විදේශයන්හි ප්‍රදර්ශන පැවැත්වීම සඳහා රුපියල් කෝටි 13 කට වැඩි මුදලක් වැය කර ඇතැයි තොරතුරු අනාවරණයවූ බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝප්) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ එහි අලුත්ම වාර්තාවේ සඳහන් වේ.

මින් එක් කෝටි තිස්පන් ලක්ෂයකට වැඩි මුදලක් වැයවී ඇත්තේ නිලධාරීන්ගේ ගුවන් ගමන් සඳහා යැයි එම කමිටුව පවසයි.

විදේශ ප්‍රදර්ශන සඳහා මෙම මුදල වැය කර ඇතැයි පැවසෙන්නේ 2017 -2019 අතර කාලයේදීය.

විදේශයන්හි ප්‍රදර්ශන පැවැත්වීම සඳහා මෙපමණ විශාල මූල්‍ය ප්‍රාග්ධනයක් වැය කිරීම සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කෝප් කමිටුව පොල් සංවර්ධන මණ්ඩලයට නියෝග කර ඇත.

එසේම මෙම ප්‍රදර්ශනය සඳහා විදේශගත වන නිලධාරීන් ඒ සඳහා ප්‍රමාණවත් දැනීමක් සහිත නිලධාරින්ද යන වග පරීක්ෂාකර වාර්තා කරන ලෙසට වැඩිදුරටත් දැනුම් දී ඇත.

මේ අතර පොල් සංවර්ධන මණ්ඩලයේ හිටපු සභාපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසි හත් දෙනකුට කෝටි දෙකකට ආසන්න මුදලක් කම්කරු දීමනාවක් ලෙස 2011- 2015 අතර කාලයේදී ගෙවා ඇතැයි පවසන එම කමිටුව මෙම මුදල අයකර ගැනීමට මෙතෙක් කටයුතු කර නැතැයිද චෝදනා කරයි.

Related posts

මාලිමා මංත්‍රීලා සෝමාලියා කදවුරකින් පැන්නා වගේ

Admin

ගිලන් රථ රියැදුරකුට පහර දුන් මහජන සෞඛ්‍ය පරීක්ෂක රිමාන්ඩ්

colombotoday

ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීම වෙනුවෙන් ‘ත්‍රිපිටකාභිවන්දනා‘ සතියක් නම්කෙරේ… බෞද්ධ කොඩි ඔසවා තබන්න ජනතාවගෙන් ඉල්ලීමක්…

colombotoday

ආණ්ඩුවේ මන්ත්‍රීන් 58කට අලුත් වාහන.. වාර්ෂික කුලිය කෝටි 258 යි

colombotoday

විග්නේෂ්වරන් මහ ඇමතිකමින් ඉවතට !

colombotoday

විදුලි කප්පාදුව නොකරන බවට ලංවීම ශ්‍රේෂ්ඨාධිකරණයට දුන් ප්‍රතිඥාව ඉවත් කරගනී

Admin