Colombo Today Local News

ග්‍රාම නිලධාරිනියකගේ සැමියා ඝාතනය කිරීමේ සිද්ධියකට යුද හමුදා කෝප්‍රල්වරයෙක් අත්අඩංගුවට

මට්ටක්කුලිය ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිනියකගේ ස්වාමි පුරුෂයා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යුද හමුදා කෝප්‍රල්වරයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් යුද හමුදා මූලස්ථානය සඳහන් කළේ මට්ටක්කුලිය යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ කෝප්‍රල්වරයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන විමර්ශන සඳහා පොලීසිය වෙත භාරදී ඇති බවය.

යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් මත ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකාය මගින් සිදුකළ විමර්ශනයකින් අනතුරුව අදාළ ඝාතනයට මෙම කෝප්‍රල්වරයා සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී තිබේ.

Related posts

22හැවරිදි තරුණියක ගෙල කපා මරා බොරු ලෙඩක් පෙන්නා රෝහල්ගත වෙලා

Admin

කේ. එච් නන්දසේන දිවි සැරියට සමුදේ

Admin

ජන සටන පාගමනේ මං එනවා.. ස්ථීරයි

colombotoday

විදුලි ඉංජිනේරුවරු දැඩි ක්‍රියාමාර්ගයකට යයි

colombotoday

ජාතික ආරක්ෂාව තහවුරු කරන එකට පකිස්ථානය අකමැතිද?

colombotoday

ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපති ධූරය මයියා ට

Admin