Colombo Today Local News

බන්ධනාගාරගත රැඳවියන්ගේ ශ්‍රම දායකත්වයෙන් කාබනික පොහොර නිෂ්පාදනය කෙරේ..

රටේ පවතින කාබනික පොහොර හිඟයට හා ගැටළුවට පිලියමක් ලෙස සහ අතිගරු ජනාධිපතිතුමන්ගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව වසවිසෙන් තොර ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ අරමුණ සාක්ෂාත් කිරීම වෙනුවෙන් බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු ගරු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මැතිතුමාගේ සංකල්පයකට අනුව බන්ධනාගාර ‍‍කොමසාරිස් ජනරාල්තුමාගේ උපදෙස් මත බන්ධනාගාර ගත රැඳවියන්ගේ ශ්‍රම දායකත්වයෙන් බන්ධනාගාර ආශ්‍රිතව කාබනික පොහොර නිෂ්පාදනය කිරීම ක්‍රියාත්මක වන බව බන්ධනාගාර කොමසාරිස් පාලන සහ පුනරුත්ථාපන මාධ්‍ය පුකාශක චන්දන ඒකනායක මහතා පවසයි.

“සරුසාර” සිපිරි ගෙයින් ගොවි බිමට යන තේමාව යටතේ මෙම වැඩපිළිවෙල දිවයිනපුරා පිහිටා තිබෙන තොරාගත් එළිමහන් සිරකදවුරු මඩකලපුව, වාරියපොල, වටරැක, පල්ලේකැලේ, තල්දෙන, වීරවිල, හා අනුරාධපුර යන කදවුරු වල කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු කර ඇති බව ඔහු පවසයි.

දැනටමත් මෙම වැඩපිළිවෙල මඩකළපුව බන්ධනාගාරයට අනුබද්ධ තිරුපපෙරුන්තුරෙයි ගෙවිපල අක්කර 10 භූමි ප්‍රදේශයක එළවලු හා පලතුරු බෝග වගාව ආරම්භ කර, එහි ඉතා සාර්ථක අස්වැන්නක් නෙලා ගනිමින් සිටින අතර, වාරියපොළ, පල්ලේකැලේ එළිමහන් සිරකදවුරු තුළද කාබනික පොහොර සාදා ගනිමින් වස විසෙන් තොර එළවළු සහ පළතුරු නිශ්පාදනය කර ආදායම් උපයමින් සිටී බව ද චන්දන ඒකනායක මහතා සදහන් කරයි.

බන්ධනාගාර ගත රැඳවියන් කෘෂිකර්මාන්තයට නැඹුරු කිරිමත්, මානසික සෞඛ්‍යය ඉහල නැංවීමත්, ඔවුන් හට ස්වයං රැකියාවක් සඳහා අවශ්‍ය වෘත්තීය පුහුණුවක් ලබාදී යහපත් පුරවැසියන් ලෙස සමාජය වෙත නැවත මුදා හැරිම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පුනරුත්ථාපන ක්‍රියාවලියේ එක් අංගයකී.

Related posts

ජීවත්ව සිටියදී ගින්දරට බයයි.. අමීන් උමරුල් ෆාරුක්ගේ දරුවන් ආදාහනයට විරුද්ධ වෙති.

colombotoday

වයඹ ආණ්ඩුකාර තනතුරේ වසන්න කරන්නාගොඩ දිවුරුම් දෙයි

colombotoday

නදීමාල් පෙරේරා ලංකාවට පිටුවහල් කරයි… ආ සැනින් CID අත්අඩංගුවට…

colombotoday

අලුත් වාහන ගන්නේ බලාගෙනයි.. අලෙවිය තහනම් වූ ඉන්දීය වාහන මෙරට වෙළදපොළට !!

colombotoday

ජනාධිපති මන්දිරයට- අරලියගහ මැදුරට හානි කළ 70ක් හඳුනාගනී – රනිල්ගේ නිවසේ ගින්නට සැක හිටපු සජබ නි.ඇමැති පුතා හැංගිලා

colombotoday

අද මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය ස්ථානාධිපතිවරු සංකේත වැඩවර්ජනයක

Admin