Colombo Today Local News

ජනාධිපති මන්දිරයට- අරලියගහ මැදුරට හානි කළ 70ක් හඳුනාගනී – රනිල්ගේ නිවසේ ගින්නට සැක හිටපු සජබ නි.ඇමැති පුතා හැංගිලා

ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, අගමැති කාර්යාලයට අලාභහානි කරමින් පැරැණි භාණ්ඩ සොරකම් කිරීම හා අගමැති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් හැත්තෑවක් පමණ පොලිසිය හඳුනාගෙන ඇත.

ඔවුන්ගෙන් බහුතරය දේශපාලන පක්ෂවලට සම්බන්ධ අය බවද පොලිසිය පවසයි

සමාජ මාධ්‍ය ඔස්සේ සජීවී දර්ශන පෙන්වමින් ජනතාව උසි ගැන්වූ පුද්ගලයන්ද ඒ අතර වෙයි.

අගමැතිවරයාගේ පෞද්ගලික නිවස ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් ආසන සංවිධායකවරයකු අත්අඩංගුවට ගැනීමට නියමිතය.

ඔහු පුත්තලම දිස්ත්‍රික් හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකුගේ පුත්‍රයෙකි. මෙම සැකකරු මේ වන විට අතුරුදන් වී ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරයි.

පාර්ලිමේන්තු සංකීර්ණය අසල ගැටුම සම්බන්ධයෙන් සමාජ ක්‍රියාකාරී පැතුම් කර්නල් අත්අඩංගුවට ගැනීමට නියමිත අතර ඔහුද අතුරුදන් වී ඇති බව පොලිසිය කියයි.

Related posts

“ඥානසාර හිමි නිදහස් කරනු” උද්ඝෝෂණයට කඳුළු ගෑස්. තිලංග සුමතිපාල පැමිණ තත්වය සමතයකට පත් කරයි

colombotoday

ගාලුමුවදොර වෙරළ තීරයේ නාදුනන මළ සිරුරක්

colombotoday

වන රක්ෂිත තුළ ඇති සම්ප්‍රදායික වගා බිම් යළි ගොවීන්ට.

colombotoday

“පුද්ගලික උත්සවවලට ආරාධනා කරන්න එපා.” ජනපතිගෙන් ඉල්ලීමක්

colombotoday

2023-2026 පුනර්ජනනීය බලශක්ති වාර්තාව විදුලිබල ඇමතිට භාරදෙයි

Admin

තියුණු ආයුධයකින් ඇන කල තවත් පුද්ගල ඝාතනයක්

colombotoday