Colombo Today Local News

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවේ අභියාචනා විභාග කිරිම කොළඹින් පිට දී

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවේ අභියාචනා විභාග කිරිමේ කටයුතු කොළඹ දිස්ත්‍රික්කයෙන් පිට ප්‍රදේශවල සිදුකිරීමට එම කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

මීට පෙර එම අභියාචනා විභාග කිරීමේ කටයුතු කොළඹ දිස්ත්‍රික්කය තුළ පමණක් සිදුකෙරුණු අතර ලැබෙන පැමිණිලි සලකා බැලීමෙන් අනතුරුව එය කොළඹින් පිට ප්‍රදේශවලද සිදුකිරිමට තීරණය කළ බව ඔවුන් සඳහන් කරයි.

ඒ අනුව යාපනය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් අභියාචනා විභාග කිරිමේ කටයුතු පසුගිය දා සිදුකර තිබේ.

ඉදිරි සති කිහිපය තුළදී මඩකලපුව දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් මෙහි තවත් වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව එම කොමිෂන් සභාව සඳහන් කරයි.

එමෙන්ම තොරතුරු ලබානොදෙන රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබදව ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කිරීමට කොමිෂන් සභාව තීරණය කර ඇත.

දැනට ලැබී ඇති අභියාචනා අතුරින් වැඩි සංඛ්‍යාවක් ප්‍රාදේශිය ලේකම් කාර්යාල, අධ්‍යාපන සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍රවලට සම්බන්ධ ආයතන හා සම්බන්ධයෙන් ලැබී ඇති බව එම කොමිෂන් සභාව සඳහන් කර සිටි.

මීට අමතරව රජයේ අමාත්‍යංශ සහ දෙපාර්තමේන්තු සම්බන්ධයෙන් ද සැලකිය යුතු අභියාචනා ප්‍රමාණයක් ලැබී ඇති තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව සඳහන් කරයි.

Related posts

දේශප්‍රේමී රණවිරුවෙකුට දඩුවම් කිරීම කෙතරම් දේශද්‍රෝහි ක්‍රියාවක්ද.. හිටපු ඇමති විජේදාස රණවිරුවා වෙනුවෙන් පෙරට

colombotoday

ග්‍රාම නිලධාරී විභාගය දෙසැම්බර් මුල් සතියේදී…

Admin

අද විදුලිය කැපෙන හැටි මෙන්න

colombotoday

මීගොඩදී හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

colombotoday

කෝටි 80ක තහනම් භාණ්ඩ රේගු භාරයට

colombotoday

ඒකබද්ධ විපක්ෂ පාගමනට දෙතැනකදී තහංචි !

colombotoday