Colombo Today Local NewsHot News

කාත්තන්කුඩියේ අන්තවාදීන් භීතිය වපුරයි.. ISIS ට ප්‍රසිද්ධියේ සහය.. පූර්ව මුස්ලිම් ජාතීන්ගෙන් හෙළිදරව්වක්

ගැටුමෙන් තුවාල ලැබූ පුද්ගලයෙක්

කාත්තන්කුඩි ප්‍රදේශයේ පසුගිය සිකුරාදා (10) ඉස්ලාම් ආගමේම කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පූර්ව මුස්ලිම් ජාතිකයින්ගේ සංවිධානය (- ඉස්ලාමය හැරගිය අයගේ සංවිධානය EMSL) නමැති සංවිධානයක් විසින් තොරතුරු අනාවරණය කරයි.

එම සංවිධානය පවසන්නේ කාත්තන්කුඩි ප්‍රදේශයේ පසුගිය සිකුරාදා ඉස්ලාමීය පාර්ශව දෙකක් අතර ඇතිවූ ත්‍රස්ත ක්‍රියා හා ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් රජය හා රාජ්‍ය ආරක්ෂක අංශ පරීක්ෂණ පවත්වා දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවයි. පිටරටවලින් මුදල් ගෙන ආගමික මුහුණුවරකින් ත්‍රස්තවාදය , අන්තවාදය හා වෛරය වපුරවන මෙම කණ්ඩායම් මුලිනුපුටා දැමිය යුතු බවද එම සංවිධානය පවසයි.

කාත්තන්කුඩි ප්‍රදේශයේ ජීවත්වන අයගෙන් ලැබුණු තොරතුරු මත මෙම ප්‍රචන්ඩ ක්‍රියාවට සම්බන්ධ එක් පාර්ශවයක් ප්‍රසිද්ධියේ ISIS සංවිධානයට සහාය දක්වන කණ්ඩායමක් බවත්, ඔවුන්ගේ දේශනා හා මතවාද නිසා කාත්තන්කුඩි ප්‍රදේශයේ ජීවත්වන පූර්ව මුස්ලිම් ජාතිකයින්ට, ජීවත්වීමේ අයිතිය තර්ජනයට ලක්වී ඇති බවත් EMSLසංවිධානය පවසයි.

මේ රටේ ප්‍රසිද්ධියේ හා අප්‍රසිද්ධියේ ක්‍රියාත්මක වන ඉස්ලාම් අන්තවාදී හා ත්‍රස්තවාදී සංවිධාන, හා පුද්ගලයින් ගැන රජය හා ආරක්ෂක අංශ දැඩි ලෙස සොයා බැලිය යුතුයැයි ද, සාමයට හා සහජීවනයට කැමති මුස්ලිම් පිරිස ඇතුළු පොදු මහජනතාව මෙවන් සංවිධාන හා පුද්ගලයින් ගැන ආරක්ෂක අංශ වෙත දන්වා පූර්ණ සහය පළ කළ යුතු යැයිද ශ්‍රී ලංකා පූර්ව මුස්ලිම් ජාතිකයින්ගේ සංවිධානය (EMSL) නමැති සංවිධානය වැඩිදුරටත් පවසා සිටී.

 

 

Related posts

ඇමති රිෂාඩ් බදියුදීන් රටින් යයි…

colombotoday

මහින්ද පිලේ මන්ත්‍රීවරියන් පක්ෂයේ ලිපි ඉරයි.. ලිපි ඉරපු අය නෙරපනවා – මහලේකම් කියයි!

colombotoday

දරුවන් හත් ලක්ෂ හතළිස් දහසකට සපත්තු වවුචර් බෙදීම 4 වැනිදා සිට

Admin

බස්නාහිර 20+ අය එන්නත ගන්න ඔන්ලයින් රෙජිස්ටර් වෙන හැටි මෙන්න

colombotoday

නාමල් අත්අඩංගුවට?

Admin

‘‘කුරුඳු දුම්වැටිය දුම්කොළ පාලනයට හානි රහිත විකල්පයක්’’ කැබිනට් ඇමැතිවරයකු මැදිහත්ව කෙරෙන ප්‍රචාරය සාවද්‍යයි.. WHO කලබල වෙයි

colombotoday