Colombo Today Local News

කිසිම මුදල් ඇමතිවරයෙක් නොකළ වැඩක් රවී කරලා – බැදුම්කර කොමිසමේ සාක්කිවලින් හෙළිවේ

2015 පෙබරවාරි මස 27 වන දින සිදුවූ ප්‍රශ්නගත බැදුම්කර වෙන්දේසියෙන් සති තුනකට පසුව පැවති ප්‍රාථමික අලෙවි නියෝජිත ආයතනවල ප්‍රධානීන්ගේ සාකච්ඡාවකට මුදල් ඇමති රවී කරුණානයක පැමිණ ඇති බවත්, මින් පෙර කිසිම අවස්ථාවක මුදල් ඇමතිවරයෙකු එම රැස්වීමට පැමිණ නැති බවත්, බැදුම්කර ගනුදෙනුව පිළිබදව පරීක්ෂණ කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් මහ බැංකුවේ හිටපු අතිරේක රාජ්‍ය ණය අධිකාරිනී යූ.එල්. මුතුගල මහත්මිය පැවසුවාය.

කොමිසමේදී ඇයගෙන් අසන ලද ප්‍රශ්න සහ මුතුගල මහත්මිය ඊට ලබා දුන් පිළිතුරු මෙසේය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා – බැඳුම්කර වෙන්දේසියෙන් සති කිහිපයකට පසු පැවැති ඒ රැස්‌වීම කුමක්‌ද?

යූ. එල්. මුතුගල මහත්මිය – එය ප්‍රාථමික අලෙවි නියෝජිත ආයතනවල ප්‍රධාන විධායක නිලධාරීන්ගේ රැස්‌වීමක්‌.

නාවාන මහතා – කවුද ඒකෙ සභාපතිත්වය දැරුවේ?

මුතුගල මහත්මිය – නියෝජ්‍ය අධිපති පී. සමරසිරි මහතා.

නාවාන මහතා – මුදල් ඇමැති ඒ රැස්‌වීමට ආවාද?

මුතුගල මහත්මිය – ඔව්.

නාවාන මහතා – ඒක සාමාන්‍යයද?

මුතුගල මහත්මිය – මම දන්නා පරිදි මෙවැනි රැස්‌වීමකට මීට පෙර කිසිම අවස්‌ථාවක මුදල් ඇමැතිවරයෙක්‌ ඇවිත් නෑ.

ප්‍රියන්ත නාවාන මහතා – මුදල් ඇමැතිට හේතුවක්‌ තිබුණද මේකට එන්න. ඒක අනියම් ආකාරයෙන් සිදුවූ පැමිණීමක්‌ ලෙස සැලකිය හැකිද?

මුතුගල මහත්මිය – ඔව්.

නාවාන මහතා – ඒ රැස්‌වීමේ සටහන් තියෙනවාද?

මුතුගල මහත්මිය – තියෙන්න ඕන.

ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ ප්‍රසන්න එස්‌. ජයවර්ධන මහතා – ඇමැතිවරයා මොනවාද ප්‍රකාශ කළේ?

මුතුගල මහත්මිය – මුදල් ඇමැතිවරයා එක්‌ එක්‌ අයගේ අදහස්‌ විමසුවා.

විනිසුරු ජයවර්ධන මහතා – ප්‍රාථමික නියෝජිතයන් 2015.02.27 දින පැවැති බැඳුම්කර වෙන්දේසිය ගැන පැමිණිලි කළාද?

මුතුගල මහත්මිය – ඔවුන් නිශ්ශබ්දව සිටියේ.

මූලාශ්‍ර – දිවයින

Related posts

කාදිනල් විරෝධය අකුලාගනී.. ලෝකෙ ලොකුම නත්තල් ගහ අගමැති අණින් යලි ඉදිවෙයි

colombotoday

තීරණය ස්ථීරයි.. ශ්‍රීලනිප-ඒකාබද්ධ ආණ්ඩුවේ අගමැති නිමල් සිරිපාල

colombotoday

“කොල්ලෝ කෙල්ලෝ ජල ප්‍රහාර වලට ආසයි.. ගැහුවේ ඒකයි.. අපිත් ඉස්සර ඔහොමයි” – ඇමති හරීන්

colombotoday

මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවකයන් බලහත්කාරයෙන් ඡන්ද වැඩවලට – හිටපු ඇමතිවරයෙකුගෙන් පැමිණිළි

colombotoday

ජනාධිපතිවරණ ප‍්‍රතිඵලයෙන් රට ආපස්සට ගියා,රට ඉදිරියට ගෙනගිය බලවේගය පරාජය වුණා

colombotoday

කොළඹ ලෝකෙන්ම අංක එකට එයි

colombotoday