Colombo Today Local News

රවීගේ මුදල් ඇමතිකම චම්පිකට !!

සිදුකිරීමට නියමිත කැබිනට් මණ්ඩල සංශෝධනයේදී මුදල් අමාත්‍ය ධුරය ජාතික හෙළ උරුමයේ මහ ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වෙත පැවරීමට යෝජනා වී ඇතැයි ආණ්ඩුවේ තොරතුරු මාර්ග පවසයි.

බැදුම්කර චෝදනාව සහ, වෙනත් දූෂිත ක්‍රියා ගණනාවක් සම්බන්ධයෙන් අමාත්‍ය රවී කරුණානායකට සෘජුවම එල්ලවී ඇති චෝදනා හා, ආර්ථික කලමනාකරණය සම්බන්ධයෙන් පැණ නැගී ඇති ගැටළු හමුවේ ආණ්ඩුවට එල්ලවන අපකීර්තිය සලකා බලා ඔහුව මුදල් ඇමති ධුරයෙන් ඉවත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂයේ ජේ්‍යෂ්ඨ ඇමතිවරුන් පිරිසක් ජනාධිපතිවරයාට යෝජනා කර ඇතැයි පසුගිය දිනවල මාධ්‍යවාර්තා පලවිය.

යහපාලන ආණ්ඩුවේ අමාත්‍ය ධූර වෙන්කර ගැනීමේදී මුදල් අමාත්‍ය ධූරය එක්සත් ජාතික පක්ෂයට හිමිවිය යුතු බවට එකගතාවකට පැමිණ ඇති අතර, ඒ අනුව එජාපය නියෝජනය කරන චම්පික රණවක මහතාට මුදල් අමාත්‍ය ධුරය ලබා දිය යුතුයැයි යෝජනා වී තිබේ.

මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයා ලෙස පාඨලී චම්පික රණවක මහතා විසින් සිදුකර ඇති කාර්ය භාරය හා ඇමතිවරයකු ලෙස ඔහුට මෙතෙක් කිසිඳු වංචා දුෂණ චෝදනාවක් එල්ලවී නොතිබීමද සලකා මුදල් අමාත්‍ය ධුරය ඔහුට පවරන ලෙස විද්වතුන් කිහිප දෙනෙකුම පසුගිය දා ජනාධිපතිවරයාට යෝජනා කර ඇතැයි ද පැවසේ.

පසුගියදා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් සැකසු වාර්තාවකට අනුව මෙරට ආර්ථික ඉලක්ක ජයගෙන ඇත්තේ සංචාරක ව්‍යාපාරය හා ඉඳිකිරීම් ක්ෂේත්‍රය පමණක් වන අතර, එහිදී මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ කාර්යභාරයද විශේෂ ඇගයීමට ලක්ව ඇතැයි වාර්තා වේ.

Related posts

චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හි ලබන 27 දා මෙරට නිල සංචාරයක

colombotoday

ලංගමය දිලුම්ට, දුම්රිය සීබී ට…

colombotoday

මියන්මාරයෙන් මිලියන 170ක සහල් තොගයක් ශ්‍රී ලංකාවට

colombotoday

මුස්ලිම් අන්තවාදී කි‍්‍රයා ගැන උපදෙස් දීමට අසමත් වෙලා. | නි. සොලිසිටර් ජනරාල් අසාත් නවාවිට විනය පියවර ගන්න. | රා.සේ කොමිසම නීතිපතිට දන්වයි

colombotoday

“මේක සංග්‍රාමයක් විදිහට සලකන්න. නැතිනම් පොල්වගාව නැති වේවි. සුදුමැස්සා පාලනයට හමුදාව හෙලිකොප්ටර් යොදවන්න”

Admin

කටුනායක ගුවන්තොට හරහා කෙරෙන මහා මිනිස් ජාවාරමක් හෙළි කරගනී

colombotoday