Colombo Today Local News

ශ්‍රී ලංකාවේ සියලුම අනර්ථකාරී වෙබ් අඩවි තහනම් කිරීමට නියෝග

ශ්‍රී ලංකාවේ සියලුම අනර්ථකාරී වෙබ් අඩවි තහනම් කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට ඊයේ (29)දින නියෝග කළාය.

එවැනි වෙබ් අඩවි නිර්මාණය කර අන්තර්ජාලය වෙත මුද්‍රා හැරීම්, වෙබ් නාම ලියාපදිංචි කිරීම්, ගෙවීම් කිරීම් සහ සේවා සැපයුම්වල තොරතුරු වාර්තා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරිය, විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවට වැඩිදුරටත් නියෝග කළාය.

මෙරට ක්‍රියාත්මක අනර්ථකාරී විවිධ වෙබ් අඩවි මගින් මිනිස් වෙළෙඳාම හා ලිංගික අපයෝජනය සිදුවන බවට අධිකරණය හමුවේ කරුණු වාර්තා කරමින්, එම කටයුතු පාලනය කිරීම සහ මහජනතාවගේ සුබසිද්ධිය උදෙසා අධිකරණයට මැදිහත් වන ලෙසට නීතිපති දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සහ පොලිස් ළමා හා කාන්තා කාර්යංශය දැක්වූ කරුණු සැලකිල්ලට ගනිමින් එම නියෝගය කරන බව මහෙස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළාය.

දැනට රටේ පවත්නා තත්ත්වය ක්ෂණිකව පාලනය කිරීමට අධිකරණය මැදිහත් වී අපරාධ නඩු විධාන සංග්‍රහ පනත ප්‍රකාරව අධිකරණ බලය උපයෝගී කරගෙන එම නියෝගය කරන බවද මහෙස්ත්‍රාත්වරිය, අවධාරණය කළාය.

අන්තර්ජාලය ඔස්සේ පහළොස් හැවිරිදි දැරියක ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමේ සිද්ධියට අදාළ නඩුව ඊයේ ( 29)දින කැඳවූ අවස්ථාවේදී, අධිකරණ නියෝග පරිදි පෙනි සිටි විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව වෙත මහෙස්ත්‍රාත්වරිය එම නියෝගය නිකුත් කළාය.

Related posts

මෙරට පුරවැසියන්ට සමෘද්ධිය අත් කරදීම සහතික කළ යුතුයි – ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති

Admin

විග්නේෂ්වරන් අත්අඩංගුවට ගත්තොත් තවත් සැර වෙයි.. ව්‍යවස්ථාව කැඩුවට එයා නීතිය කැඩුවේ නෑනේ

colombotoday

ජනාධිපතිවරණයට සූදානම් බව ගෝඨාභය නැවතත් තහවුරු කරයි…

colombotoday

තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ බහාලුම් 2300ක් කොළඹ වරායේ

colombotoday

ගිනි ගත් නැවෙන් පීඩාවට පත් ධීවරයෝ ලක්ෂ 5ක වන්දි ඉල්ලා උසාවි යයි

colombotoday

දළදා මාලිගාවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

colombotoday