Colombo Today Local News

මැදපෙරදිග සිට පැමිණෙන ගුවන් මගීන්ට පනවා තිබු තහනම ඉවතට

මැදපෙරදිග සිට පැමිණෙන ගුවන් මගීන්ට පනවා තිබු තාවකාලික තහනම කොන්දේසි කිහිපයකට යටත්ව ඉවත් කර තිබේ.

පනවා ඇති කොන්දේසි මෙසේය,

*එම රටවල සිට මෙරටට පැමිණෙන සියලු ගුවන් මගීන් සතුව ආසාදිත නොවන බව තහවුරු කිරීමට පීසීආර් වාර්තාවක් තිබිය යුතුය. අදාළ ගුවන් සමාගම මගියා ගුවන් යානයට ගොඩවීමට පෙර ඒ පිළිබඳ ව සොයාබැලිය යුතුය.

*ඇන්ටිජන් පරීක්ෂණ වාර්තා පිළිනොගනී.

*පීසීආර් වාර්තාව රජයේ හෝ අනුමත කළ ආයතනයකින් ලබාගත යුතු අතර, ඊට අදාළ QR/Bar කේත එහි සඳහන් විය යුතුය.

*මගියා ඉදිරිපත් කරන පරීක්ෂණ වාර්තාවල නිරවද්‍යතාවය සම්බන්ධයෙන් ගුවන් සමාගම තෘප්තිමත් විය යුතුය.

*එසේ පැමිණෙන මගීන්ට අවසර ලැබෙන්නේ හෝටල් නිරෝධායනයට ලක්වීමට හෝ ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ ජෛව ආරක්ෂිත බුබුල සංකල්පය මත පමණි.

මැදපෙරදිග රටවල් වන කටාර්, ඕමාන්, බහරේන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය සහ කුවේට් රටවල සිට පැමිණෙන ගුවන් මගීන්ට කොවිඩ් වසංගතය හේතුවෙන් ජුලි 1 වන දා සිට ජූලි 13 වන දා දක්වා තාවකාලික තහනමක් පැනවීමට සිවිල් ගුවන්සේවා අධිකාරිය ඊයේ (29)දින පියවර ගත්තේය.

කෙසේවෙතත් ජුලි මස 31 වනදා දක්වා ඇංගෝලාව, බොස්ට්වානා, ලෙසෙතෝ, මොසැම්බික්, නැම්බියාව, ස්වාසිලන්තය, සැම්බියාව සහ සිම්බාබ්වේ යන රටවල් සිට පැමිණෙන මගීන් සඳහා පැනවු තහනම තවදුරටත් ක්‍රියාත්මක වේ.

Related posts

දේශීය ආරක්ෂක අංශ හා චීන කම්කරුවන් අතර ගැටුමක්.. චීන්නු දෙන්නෙක් රෝහලේ

colombotoday

බන්ධනාගාර නිළධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කෙරේ…

Admin

ජනතා නැගිටීම වළකන්න 3G හා 4G සබඳතා අවහිර කරන්න යනවා – හිටපු නි. ඇමති හර්ෂ

colombotoday

රට බෙදන්න කිසිම අදහසක් නෑ

Admin

මහ මොළකරු නොවෙයි ගම්මන්පිලට වාර්තා ගිය හැටි සොයනු

Admin

සජිත් ප්‍රේමදාස සහ හරීන් ප්‍රනාන්දු කාදිනල් තුමා ළඟ දණ නමයි

colombotoday